ගුරුකන්ද හිමිගේ ආදාහනයට එරෙහිව පැමිණිල්ලක් | දිනමිණ

ගුරුකන්ද හිමිගේ ආදාහනයට එරෙහිව පැමිණිල්ලක්

මුලතිව් නයාරු ගුරුකන්ද පුරාණ රජමහා විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය කොළඹ මේධාලංකාරකිත්ති හිමියන්ගේ දේහය අධිකරණ නියෝගයන්ට එරෙහිව මුලතිව් නයාරු නිරාවිය පිල්ලයාර් ගණදෙවි කෝවිල සීමාවේ ආදාහනය කිරිමට විරුද්ධව එම කෝවිලේ පාලක සභාව විසින් වව්නියාව මානව හිමිකම් කොමිෂන් සභා කාර්යාලයට සිදුකළ පැමිණිල්ලක් පිළිබඳ පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

මුලතිව් නයාරු නිරාවිය පිල්ලයාර් ගණදෙවි කෝවිලේ පාලක සභාව හා මුලතිව් පොලිස් නිලධාරීන් ඊයේ (08) සවස කැඳවමින් අදාළ පැමිණිල්ල වව්නියාව මානව හිමිකම් කොමිෂන්  සභා කාර්යාලයේදී විභාගයට ගැනිණ.

කෙසේ වෙතත් වව්නියාව මානව හිමිකම් කොමිෂන් සභා කාර්යාල නිලධාරීන් පවසා ඇත්තේ පැමිණිල්ල සම්බන්ධයෙන් මේ වන විට නීරාවි පිල්ලයාර් කෝවිල් පාලක සභාවේන් , මුලතිව් පොලීසියෙන් ප්‍රකාශ ලබාගෙන ඇති අතරම ඉදිරියේදී තවත් පාර්ශව කිහිපයකින් ප්‍රකාශයන් ලබාගෙන පරීක්ෂණ කටයුතු සිදු කරන බවටය.

 

නව අදහස දක්වන්න