හැටන් කොළඹ ප්‍රධාන මාර්ගය වටවල නගරයේ ගිලා බැහැලා | දිනමිණ

හැටන් කොළඹ ප්‍රධාන මාර්ගය වටවල නගරයේ ගිලා බැහැලා

හැටන් කොළඹ ප්‍රධාන මාර්ගය වටවල පොලිස් වසමට අයත් වටවල නගරයේ ප්‍රදේශයෙන් ගිලා බැස තිබේ. එම නිසා එම මාර්ගයේ රිය ධාවනය එක් මං තීරුවකට සිමා කිරිමට වටවල පොලිසිය පියවර ගෙන තිබේ.

මේ ගිලා බැසීම සිදුවු ස්ථානයට මිටර 50ක් පමණ දුරින් මහවැලි ගඟ පිහිටා තිබේ. වටවල නගරය ප්‍රදේශයෙන් මේ මාර්ගය හරහා මහවැලි ගංගාව වෙත ගලා බසින දිය කඳුරක් සහිත බොක්කු ප්‍රදේශය මෙසේ ගිලා බැස ඇත.

මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශයට පසුගිය දින කීපය පුරාම අධික වැසි ඇද හැලෙමින් තිබූණි. මාර්ගය ගිලා බසින අවස්ථාවේ එම ස්ථානයෙන් කිසිදු රථයක් ධාවනය නොවු නිසා අනතුරක් සිදු නොවු බව වටවල පොලිසිය පවසයී. ඡායාරූපය-හැටන් - චන්දන ජයවීර

 

නව අදහස දක්වන්න