වයස 116ක්වූ වේළුපප්පානි මාතාවට උපහාර | දිනමිණ

වයස 116ක්වූ වේළුපප්පානි මාතාවට උපහාර

අවුරුදු 116 කුත් මාස පහක් වයසැති ලංකාවේ දැනට ජීවත්ව සිටින වයෝවෘද්ධම කාන්තාවට පසුගිය ලෝක වැඩිහිටි දිනයදා උපහාර කිරීමට ශ්‍රී ලංකා සමෘද්ධි අධිකාරියේ දොඩන්ගොඩ නෑබඩ සමෘද්ධි සංවර්ධන කාර්යාලයේ නිලධාරින් සහ දොඩන්ගොඩ ප්‍රාදේශීය ලේකම් දර්ශනා රණසිංහ මහත්මිය කටයුතු කළාය .

1903 මැයි මස තුන්වන දින උපන් දොඩන්ගොඩ , නෑහින්නේ ක්ලෝඩන් වතුයායේ , හෙදරළිය කොටසේ පදිංචි වේළු පාප්පානී දෙදරු මවගේ වයස අවුරුදු 116 කි. ඇය දැනට ලංකාවේ ජීවත්ව සිටින වයස්ගතම කාන්තාව ලෙස සැලකේ.

ගම්පොල ප්‍රදේශයේ උපන් පාප්පානී වතු කම්කරුවකු සමග විවාහවී ගීකියන කන්ද වත්තට පැමිණ දෙදරු මවක් ලෙස සිංහල දෙමළ සැමගේ හිත දිනා ගන්නට සමත්විය.

ඡායා රූප සහ සටහන - මීගහතැන්න සමුහ 

නව අදහස දක්වන්න