කොත්මලේ රක්ෂිතයෙන් කැපූ ලක්ෂ 10ක දැව කඳන් තොගයක් අත්අඩංගුවට | දිනමිණ

කොත්මලේ රක්ෂිතයෙන් කැපූ ලක්ෂ 10ක දැව කඳන් තොගයක් අත්අඩංගුවට

කොත්මලේ ජලාශ රක්ෂිතය දෙස සිට කපා රැගෙන එමින් තිබූ රුපියල් ලක්ෂ 10කට අධික වටිනාකමින් යුත් දැව කඳන් තොගයක් ගම්පොල විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

බලපත්‍ර නොමැති මෙම දැව තොගය විශාල ‍ලොරි රථයකින් ගම්පොල දෙසට රැගෙන එමින් සිටියදී මෙසේ අත්අඩංගුවට ගෙන තිබුණි.

කොත්මලේ ජලාශ රක්ෂිතයේ කලක සිට දැව ජාවාරමක් සිදු වන බවට විශේෂ කාර්ය බලකායට ලැබුණු තොරතුරක් මත එම ප්‍රදේශයේ රැකවල්ලා සිට මෙම දැව ජාවාරම අල්ලා ගෙන ඇත.

මේ සමඟ කොත්මලේ හරංගල ප්‍රදේශයේ පදිංචි සැකකරුවකුද අත්අඩංගුවට ගෙන ඇති අතර වැඩිදුර විමර්ශන කටයුතු සඳහා එම සැකකරු සමඟ දැව තොගය පුස්සැල්ලාව පොලිසිය වෙත බාරදීමට කටයුතු යොදා තිබුණි.

විශේෂ කාර්ය බලකා අණ දෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්.ලතීෆ්, කුරුණෑගල දිසාව භාර ස.පො.අ. උපුල් විජයවර්ධන, මහනුවර කලාප අණ දෙන නිලධාරී ස.පො.අ. එච්.ජි. පියනන්ද යන නිලධාරීන්ගේ උපදෙස් මත ගම්පොල කඳවු‍‍රේ පො.ප. ධනුෂ්ක රත්නායක, උ.පො.ප. හේරත්, උ.පො.ප. සුබසිංහ, පො.සැ. 40301 දසනායක, පො.ප.වරුන් වන 81328 චතුරංග, 80630 ධනුෂ්ක යන නිලධාරීහු මෙම වැටලීම සිදු කළහ.

ගම්පොල සමූහ

 

නව අදහස දක්වන්න