ලොරි-මෝටර් රථ අනතුරින් එක් අයෙක් මියයයි | දිනමිණ

ලොරි-මෝටර් රථ අනතුරින් එක් අයෙක් මියයයි

හලාවත කොළඹ ප්‍රධාන මාර්ගයේ කටුනේරිය ප්‍රදේශයේ දී ඊයේ 10 අලුයම 4.30 ට පමණ සිදුවූ අනතුරකින් එක් පුද්ගලයෙක් මියගොස් තවත් අයෙක් බරපතල තුවාල ලබා රෝහල් ගත කෙරේ.

ලොරි රථයක් හා මෝටර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇත. අනතුරෙන් මිය ගොස් ඇත්තේ මෝටර් රථයේ රියදුරුය. ඔහු කටුනේරිය ප්‍රදේශයේ පදිංචි ප්‍රසංග දිනේෂ් නැමති අවුරුදු හතළිස් දෙකක් වයසැති පුද්ගලයෙකි.

බරපතළ තුවාල ලබා රෝහල් ගත කර ඇත්තේ ලොරි රථයේ රියදුරුය. අනතුරට පත් වූ ලොරි රථය සාලියවැව ප්‍රදේශයේ සිට කොළඹ ප්‍රදේශයට ගඩොල් ප්‍රවාහනය කරමින් සිට තිබේ. මෝටර් රථය කොළඹ සිට හලාවත දෙසට ගමන් කර තිබේ. අනතුර සිදු වෙනවාත් සමඟම ලොරි රථය මාර්ගයෙන් ඉවතට ගොස් පෙරළී තිබේ. අනතුරෙන් බරපතළ ලෙස තුවාල ලැබූ රියදුරන් දෙදෙනා මාරවිල මූලික රෝහලට ඇතුළත් කළද මෝටර් රථයේ රියදුරු මියගොස් තිබේ. අනතුරෙන් මෝටර් රථයට බරපතල හානි සිදුවී ඇත.මාරවිල පොලීසියේ රථවාහන අංශයේ නිලධාරීන් ඉදිරි විමර්ශන කටයුතු සිදු කරයි.

මිහිර විජේසේකර- මාරවිල සමූහ

නව අදහස දක්වන්න