හිඟුරක්ගල ලුම්බිණි රජමහා විහාරයේ නව ධර්මශාලා ගොඩනැඟිල්ල ..... | දිනමිණ

හිඟුරක්ගල ලුම්බිණි රජමහා විහාරයේ නව ධර්මශාලා ගොඩනැඟිල්ල .....

පිබිදෙමු පොළොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ ආගමික පුනර්ජීවය අරමුණු කර ගනිමින් හිඟුරක්ගල ලුම්බිණි රජමහා විහාරයේ ඉදිකෙරුණු නව ධර්මශාලා ගොඩනැඟිල්ල විවෘත කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් (08) පස්වරුවේ සිදු විය.

රුපියල් ලක්ෂ 35ක වියදමින් මේ ධර්මශාලා ගොඩනැඟිල්ල ඉදි කර තිබේ.

විහාරස්ථානය වෙත ගිය ජනාධිපති පළමුව ආගමික වතාවත්වල නිරතව ආශිර්වාද ලබාගත් අතර අනතුරුව සමරු ඵලකය නිරාවරණය කර නව ධර්මශාලා ගොඩනැඟිල්ල විවෘත කළේය.

උතුරු, නැඟෙනහිර, උතුරුමැද තෙපළාතේ ප්‍රධාන සංඝනායක පොළොන්නරුව ඉසිපතනාරාමාධිපති උඩගම ධම්මානන්ද නායක ස්වාමින් වහන්සේ, හිඟුරක්ගල රජමහා විහාරාධිපති පොළොන්නරුව සිරි විජයබා පිරිවෙන් ආචාර්ය රම්බඩගල්ලේ චන්ද්‍රවිමල නායක හිමි ප්‍රමුඛ මහා සංඝරත්නය ද, උතුරු මැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක මහතා ඇතුළු ප්‍රදේශයේ මහජන නියෝජිතයෝ පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

 

නව අදහස දක්වන්න