බෝගොල්ලාගම නියොමාල්ගේ සහය සජිත්ට | දිනමිණ

බෝගොල්ලාගම නියොමාල්ගේ සහය සජිත්ට

උදුලා පීරිස්

මහින්ද රාජපක්ෂ රජයේ හිටපු විදේශ කටයුතු ඇමැතිවරයාවූ රෝහිත බෝගොල්ලාගම හා විදේශ කටයුතු නියෝජ්‍ය ඇමැති ලෙස කටයුතු කළ නියොමාල් පෙරේරා යන මහත්වරු ඊයේ (09)එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා වෙත සහය දැක්වීමට එක්විය.

2015 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාගේ සහයට එක්වූ එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතාද සජිත් ප්‍රේමදාස මහතාගේ සහය දක්වන බව ප්‍රකාශ කළේය.

වොක්ෂෝල් වීදියේ එක්සත් ජාතික පෙරමුණේ මැතිවරණ ලේකම් කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය දක්වන බව ඔවුහු එක හඩින් පැවසූහ.

නව අදහස දක්වන්න