සජිත් දිනවන මංගල රැලිය අද ගාලු මුවදොර දී | දිනමිණ

සජිත් දිනවන මංගල රැලිය අද ගාලු මුවදොර දී

කමනි අල්විස්

නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ විජයග්‍රාහී මංගල ජන රැලිය අද (10) සවස 2ට කොළඹ ගාලුමුවදොර පිටියේදී පැවැත්වේ. එක්සත් ජාතික පක්ෂයේ සහ එක්සත් ජාතික පෙරමුණේ සියලුම පක්ෂවල සහභාගිත්වයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම ජනරැලිය පැවැත්වෙයි.

මේ සඳහා රටේ සතර දිග්භාගයෙන් ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් සහභාගි වීමට නියමිතය. සෑම ආසනයකින්ම පාක්ෂිකයින් මෙම රැලියට සහභාගි කරගැනීමටත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙයි.

මෙම ඓතිහාසික ජනරැලිය ඇරැඹෙන අද දිනයේ උදේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා කැළණිය රජමහා විහාරයේ ආගමික කටයුතු සඳහා සහභාගි වීමට නියමිතය.

මංගල ජනරැලියෙන් පසු ඌවෙන් බිම් මට්ටමේ ජනරැලි ඇරැඹීමට නියමිතය. ඌව වෙල්ලස්සෙන් මෙම 13 වැනිදා දෙවැනි විජයග්‍රාහි රැලිය ආරම්භ වීමට නියමිත අතර රටම ආවරණය කෙරෙමින් විජයග්‍රාහි ජන රැලි එකසිය පනස් එකක් පැවැත්වීමට දැනට සැලසුම් කැර තිබේ.

නව අදහස දක්වන්න