ඇල්පිටිය ඡන්දයේ ආරක්ෂාවට පොලිසියේ 193ක් | දිනමිණ

ඇල්පිටිය ඡන්දයේ ආරක්ෂාවට පොලිසියේ 193ක්

හෙට (11) පැවැත්වෙන ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළ මධ්‍යස්ථානවල ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරින් 193 දෙනෙකු යොදවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.
 
ඇලිපිටිය පොලිස් අධිකාරී කාර්යාලයේ අද පැවැති මාධ්‍ය හමුවකදී ගුණසේකර මහතා මේ බව කියා සිටියේය. 
 
ඡන්ද විමසීම සිදුකෙරෙන මධ්‍යස්ථාන සංඛ්‍යාව 47කි. පොලිස් මුර සංචාර ද ප‍්‍රදේශය පුරා ක‍්‍රියාත්මක බවයි, පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් සදහන් කළේය. 

නව අදහස දක්වන්න