ජනාධිපති හා NCE සම්මානවලින් ජෝන් සී ෆුඩ් සමාගම පිදුම් ලබයි | දිනමිණ

ජනාධිපති හා NCE සම්මානවලින් ජෝන් සී ෆුඩ් සමාගම පිදුම් ලබයි

ශ්‍රී ලංකාවේ මත්ස්‍ය අපනයන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක් වන ජෝන් සී ෆුඩ් පෞද්ගලික සමාගම ජාතික අපනයන මණ්ඩලය (NEB) සංවිධාන කළ ජනාධිපති සම්මාන උළෙලේ දී ධීවර සහ ධීවර නිෂ්පාදන අංශයේ ජනාධිපති රන් සම්මානයෙන් සහ ජාතික අපනයන මණ්ඩලය (NCE) සංවිධාන කළ අපනයන විශිෂ්ටතා 2019 සම්මාන උළෙලේදී ධීවර සහ ධීවර නිෂ්පාදන අංශයේ රන් සම්මානයෙන් පිදුම් ලැබීය. සුපුන් චලින්ද මහතා 2011දී ඇරැඹූ ජෝන් සී ෆුඩ් සමාගම අමෙරිකාව සහ යුරෝපීය රටවලට මත්ස්‍ය නිෂ්පාදන අපනයනය කරයි. Friend of Sea" FDA" Dolphin Safe, BRC මෙන්ම

SGS ප්‍රමිති සහතිකද දිනා ඇති ජෝන් සී ෆුඩ් සමාගම මෙරටට විදේශ විනිමය රැගෙන එන ප්‍රමුඛතම සමාගමකි.

ආරම්භයේ දී මසුන් මිල දී ගැනීම හා නිෂ්පාදනය බාහිර වෙළෙඳ පොළෙන් සිදු කර, අපනයනය තම සමාගමෙන් සිදු කළ

ජෝන් සී ෆුඩ් සමාගම පසුව තම ව්‍යාපාරය ව්‍යාප්ත කරමින් ඉහළම මට්ටමේ කර්මාන්තශාලාවක් ගොඩනැඟීය. ඒ අනුව යුරෝපීය සහ අමෙරිකානු තත්ත්ව ප්‍රමිතීන්ට ගැළපෙන ලෙස මත්ස්‍ය නිෂ්පාදන සිදු කරන ප්‍රධාන කර්මාන්තශාලාවක්

ජෝන් සී ෆුඩ් සමාගම සතුය. සිය පාරිභෝගිකයන්ට ඉහළ තත්ත්වයේ නිෂ්පාදන සපයන ජෝන් සී ෆුඩ් සමාගම HACCP ප්‍රමිතීන්ට අනුගතව දක්ෂ හා අත්දැකීම් බහුල කාර්ය මණ්ඩලයක සහයෝගයෙන් විදෙස් වෙළෙඳ පොළේ සිය කීර්තිය තහවුරු කර ගෙන ඇත.

සිය වාර්ෂික ලාභයෙන් සැළකිය යුතු මුදලක් සමාජ සංවර්ධන කටයුතු සඳහා වෙන් කරන ජෝන් සී ෆුඩ් සමාගම සයුරේ ආරක්ෂාව වෙනුවෙන්ද පෙනී සිටී. වයිෆයි සංගීත කණ්ඩායමේ කළමනාකරුද වන සුපුන් චලින්ද මහතා ශ්‍රී ලංකාවේ පළමු වරට සංගීත කණ්ඩායමකට HD Harray Hybrid Sound System පද්ධතියක් ගෙන්වා වැඩි දියුණු කිරීම් එක් කළේය. එළිමහන් ප්‍රසංග සාධාරණ මිලකට පැවැත්වීමට කටයුතු යෙදීම සහ රටට හොඳ වෘත්තිකයන් බිහි කිරීම සිය ප්‍රධාන අරමුණුක් බවත් ඒ වෙනුවෙන් සැළසුම් සහගතව කටයුතු කරන බවත් පැවැසූ ඒ මහතා ව්‍යාපාර දිවියට අමතරව සංගීතය තම ජීවිතය ලෙස සළකන බව ද සඳහන් කළේය.

 

නව අදහස දක්වන්න