මෙරට දැවැන්තම මෝටර් රථ ප්‍රදර්ශනය නොවැ. 8වැනිදා සිට | දිනමිණ

මෙරට දැවැන්තම මෝටර් රථ ප්‍රදර්ශනය නොවැ. 8වැනිදා සිට

ශ්‍රී ලංකාවේ අති විශාලතම මෝටර් රථ ප්‍රදර්ශනය වන “ Seylan Colombo Motor Show 2019 ” නොවැම්බර් මස 8 වැනි දින සිට 10 දා තෙක් දින තුනක් පුරා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ මධ්‍යස්ථානයේ, සිරිමාවෝ බණ්ඩාරනායක පරිශ්‍රයේ (BMICH) පැවැත්වීම සඳහා සියලු කටයුතු සූදානම් කර ඇත.

ආසියානු ප්‍රදර්ශන හා සම්මේලන පුද්ගලික සමාගම (AEC) විසින් අඛණ්ඩව 12 වැනි වරටත් සංවිධාන කරනු ලබන මේ අභිමානවත් ප්‍රදර්ශනය සඳහා සෙලාන් බැංකුව සිවුවැනි වරටත් Title Sponsor අනුග්‍රාහකත්වය දක්වයි. මේ වන විට මේ මෝටර් රථ ප්‍රදර්ශනය බොහෝ දෙනකු අතර පිළිගැනීමට සහ ජනප්‍රියතාවට පත් වී ඇති බැවින් මෙවරත් දහස් ගණනක පිරිසක් එය නැරැඹීමට පැමිණෙනු ඇති අතර, එහි දී මෝටර් රථ නිෂ්පාදනයේ ප්‍රධානතම සමාගම්වල නියෝජිතයන් සමඟ සම්බන්ධවීමට ඔවුනට හැකි වනු ඇත.

‘මෝටර් රථ කර්මාන්තයේ නවෝත්පාදනයන් මෙන්ම වේගවත් වර්ධනය ගැන ජනතාව ඉතා පුළුල් ලෙස දැනුවත් කිරීම සඳහා එම ක්ෂේත්‍රයේ දේශීය සහ විදේශීය විශේෂඥයන්ගෙන් සැදුම්ලත්ව මෝටර් රථ සහ මෝටර් රථ අමතර කොටස් ප්‍රදර්ශනය කිරීම සඳහා මෙවන් අවකාශයක් නිර්මාණය කිරීමට හැකිවීම ගැන අප ආඩම්බරයට පත් වන අතර, පසුගිය වසරේ දී ආකර්ෂණීය සහභාගීත්වයක් මේ ප්‍රදර්ශනයට ලැබුණි.

එමෙන්ම එය නැරැඹූ පිරිස 150,000ක් ඉක්මවනවා. එසේම එකම ස්ථානයකින් බොහෝ දේ ලබාගැනීමට හැකි වන පරිදි මේ මෝටර් රථ ප්‍රදර්ශනය සංවිධාන කර තිබෙන අතර, ශ්‍රී ලංකාවේ මෝටර් රථ ක්ෂේත්‍රයේ විශාල දියුණුවක් ඇති කිරීමට මේ ප්‍රදර්ශනය නියත වශයෙන්ම ඉවහල් වන බව මෙහි සංවිධායකයෝ පවසා සිටිති.

 

නව අදහස දක්වන්න