Triad යළිත් ජාත්‍යන්තර සම්මාන දිනයි | දිනමිණ

Triad යළිත් ජාත්‍යන්තර සම්මාන දිනයි

සැබැවින්ම ශ්‍රී ලාංකික නිර්මාණකරණ සමාගමක් වන Triad මෑතකදී පැවැති Spikes Asia 2019 සම්මාන උළෙලේදී රිදී සම්මානයක් සහ ලෝකඩ සම්මානයක් හිමි කර ගැනීමට සමත් විය. කොළඹ මහ නගර සභාවේ ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සමඟ එක්වී දියත් කරන ලද Life Chant වැඩසටහන වෙනුවෙන් එම සමාගම වෙත මේ සම්මාන හිමි විය. මේ වැඩසටහනට ගුවන්විදුලි කාණ්ඩය යටතේ රිදී සම්මානයක් ද, සෞඛ්‍ය සේවා කාණ්ඩය යටතේ ලෝකඩ සම්මානයක් ද පිරිනැමිණි.

Life Chant යනු, නාගරික පැල්පත් වාසී ජනතාවට ඩෙංගු රෝගය මර්දනය කිරීමේ උත්සාහයට දායකවීමේ වැදගත්කම පෙන්වා දීම සඳහා දියත් කරන ලද වැඩසටහනකි. මේ දැනුවත් කිරීමේ පණිවිඩය බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක විසින් රචනා කරන ලද අතර, උන්වහන්සේ විසින්ම එය සජ්ඣායනය කර පටිගත කරන ලදි.

මේ පණිවිඩය, සෘජුවම අදාළ ජනතාව වෙත සන්නිවේදනය කරවීම සඳහා වෙහෙර විහාරස්ථාන ඇතුළු අනෙකුත් පූජනීය ස්ථානෙවල ශබ්ද විකාශන යන්ත්‍ර ඔස්සේ විකාශනය කළේය. එමෙන්ම ඩෙංගු මදුරුවන් වැඩියෙන්ම ගැවසෙන කාලයන් වන උදෑසන සහ සන්ධ්‍ය කාලවලදී මෙය ගුවන් විදුලිය මගින්ද විකාශනය කරන ලදි.

 

නව අදහස දක්වන්න