මෙරටදී බ්‍රිතාන්‍ය සරසවියකින් ලැබිය හැකි එකම උසස් ඩිප්ලෝමාව පිරිනැමීමට ICBT සහ LJMU සරසවිය ගිවිසුමක | දිනමිණ

මෙරටදී බ්‍රිතාන්‍ය සරසවියකින් ලැබිය හැකි එකම උසස් ඩිප්ලෝමාව පිරිනැමීමට ICBT සහ LJMU සරසවිය ගිවිසුමක

ICBT යනු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අධ්‍යාපන ආයතනයකි. ශිෂ්‍යත්ව, නවෝත්පාදන සහ ප්‍රගති වැඩසටහන් සඳහා හැමවිටම මුල්තැන ලබාදෙමින් කටයුතු කරන ICBT ආයතනය දැයේ සිසු දරු දැරියන්ට අධ්‍යාපනය තුළින් වඩාත් හොඳ රැකියා අවස්ථා ලබා දීමට නිරතුරුවම ඇපකැප වී සිටියි. මේ අරමුණ පෙරදැරිව ICBT ආයතනය එක්සත් රාජධානියේ පිළිගත් විශ්වවිද්‍යාලයක් වන ලිවර්පූල් ජෝන් මුවර්ස් විශ්වවිද්‍යාලය සමඟ එක්ව උසස් ඩිප්ලෝමාවක් පිරිනමන්නට සැලසුම් කොට ඇති අතර, මෙය බ්‍රිතාන්‍ය සරසවියකින් පිරිනැමෙන ශ්‍රී ලංකාවේ එකම උසස් ඩිප්ලෝමාව ද වේ. මීට අදාළ නිල උත්සවය පසුගිය දා කොළඹ 04, ICBT ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ.

මේ සමාරම්භක අවස්ථාවට ලිවර්පූල් ජෝන් මුවර්ස් විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය පීටර් බයස් මහතා සහ ICBT ආයතනයේ නියෝජිත පිරිසක් ද සහභාගි වූහ. මෙහි දී අදහස් දක්වමින් ICBT සභාපති ආචාර්ය ජගත් අල්විස් මහතා පැවැසුවේ, ශ්‍රී ලංකාවේදී ලැබිය හැකි ඉහළම මට්ටමේ ප්‍රමිතිගත උසස් අධ්‍යාපන වරම් සිසුන්ට හිමි කර දෙන්නට ICBT නිරන්තරයෙන් ඇපකැප වී සිටිනවා. මේ වෙනුවෙන් අප ජාත්‍යන්තර වශයෙන් පිළිගත් අධ්‍යාපන ආයතන සමඟ හවුල්කාරීත්වයන් ද ඇති කරගනු ලබනවා. යනු‍වෙනි. මේ සමාරම්භක අවස්ථාවට ලිවර්පූල් ජෝන් මුවර්ස් විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය පීටර් බයස් මහතා සහ ICBT ආයතනයේ නියෝජිත පිරිසක් ද සහභාගි වූහ.

 

නව අදහස දක්වන්න