Culinary Art Food Expo 2019 තරගාවලිය සහ ප්‍රදර්ශනය 21වැනිදා සිට | දිනමිණ

Culinary Art Food Expo 2019 තරගාවලිය සහ ප්‍රදර්ශනය 21වැනිදා සිට

ශ්‍රී ලංකාවේ සත්කාරක ක්ෂේත්‍රයේ සූපවේදීන්ගේ ඉවුම්-පිහුම් දස්කම් විදහා පාන වේදිකාවක් බඳු Culinary Art Food Expo 2019 තරගාවලිය සහ ප්‍රදර්ශනය 19 වැනි වරටත් ඔක්තෝබර් මස 21, 22 සහ 23 යන දිනවල BMICH හි දී පැවැත්වේ. මේ සුවිශේෂී තරගාවලිය සඳහා කණ්ඩායම් රැසක් සහභාගිවීමට නියමිත අතර, ඔවුන් ආහාර කලාවේ නිර්මාණශීලීත්වය, හැඩය සහ රසය මෙහිදී විදහාපානු ඇත.

Culinary Art Food Expo 2019 යනු දකුණු ආසියාවේ විශාලතම ආහාර සහ සත්කාරක ප්‍රදර්ශනය හා ඉවුම්-පිහුම් තරගාවලිය ද වේ. ලෝක සූපවේදීන්ගේ සමාජ සංගමය, CDC Events & Travels වෘත්තීය ප්‍රදර්ශන සංවිධාන ආයතනය සමඟ එක්ව ලංකා සූපවේදීන්ගේ සංසන්දය විසින් මේ ප්‍රදර්ශනය සහ තරගාවලිය සංවිධාන කෙරේ. ලොව පුරා ප්‍රදර්ශනකරුවන් හට පරිපූර්ණ වෙළඳ පදනමක් වන මෙය, ඔවුන්ගේ නව්‍ය නිෂ්පාදන, සේවා සහ තාක්ෂණික ක්‍රමවේද ගැනුම්කරුවන් දහස් ගණනකට හඳුන්වා දීම සඳහා හිමිවන කදිම අවස්ථාවකි.

 

නව අදහස දක්වන්න