‘කේශා ලයිට්’ සමඟ ලින්ක් කේශා හිසතෙල් නව මුහුණුවරකින් වෙළෙඳ පොළට | දිනමිණ

‘කේශා ලයිට්’ සමඟ ලින්ක් කේශා හිසතෙල් නව මුහුණුවරකින් වෙළෙඳ පොළට

ලින්ක් නැචුරල් ප්‍රොඩක්ට්ස් (පුද්) සමාගම විසින් දශක 02ක් පුරාවට ශී‍්‍ර ලාංකේය පාරිභෝගිකයන්ගේ විශ්වාසය දිනාගත් ලින්ක් කේශා හිසතෙල් නිෂ්පාදන පෙළ නූතන කාන්තාවන්ගේ අවශ්‍යතාවන්ට සරිලන පරිදි නව මුහුණුවරකින් වෙළෙඳ පොළට ඉදිරිපත් කිරීමට පසුගිය දා කටයුතු කළේය. එමෙන්ම නොඇලෙන සුලු, සැහැල්ලු (ඝනත්වයෙන් අඩු) නව නිෂ්පාදනයක් වන ‘කේශා ලයිට්’ එළිදැක්වීම ද මෙහි දී සිදුකෙරිණි. මෙලෙස නව පියවරක් තබමින් ලින්ක් කේශා නිෂ්පාදනවල යහගුණය තව දුරටත් පාරිභෝගිකයන්ට අත්විඳීමට අවස්ථාව සලසමින් එය මිලි ලීටර් 50 බෝතල් වශයෙන් ද, වෙළෙඳ පොළට නිකුත් කෙරෙනු ඇත.

ආයුර්වේදයේ පාරම්පරික ඥානය සහ නවීන තාක්ෂණය පදනම්ව ස්වාභාවික ඖෂධ ශාක 08ක සාරය සමඟ පොල් තෙල් සහ ස්වභාවික විටමින් E සුසංයෝග කරමින් නිපදවන කේශා නිෂ්පාදන හිසකෙස්වලට සහ හිස්කබලට බාහිරින් මෙන්ම අභ්‍යන්තරයෙන් ද පෝෂණය ලබාදෙයි.

ලින්ක් කේශා දිනපතා භාවිත කිරීමෙන් අකලට හිසකෙස් ගැලවී යෑම හා හිසකෙස් පැසීම, ඉස්හොරි ඇතිවීම සහ හිසකෙස් අග පැලීම වැනි ගැටලු පාලනය කිරීමේ හැකියාව ඇත. එමෙන්ම දිගුකාලීනව භාවිත කිරීමේ දී හිසේ කැක්කුම් අවම කිරීමට මෙන්ම ඇස් පෙනීම වැඩි දියුණු කිරීමට ද ලින්ක් කේශාවලට හැකියාව ඇත. එය වර්තමාන කාන්තාවන්ට ශක්තිමත්, නිරෝගී, දිදුලන පිරිපුන් කෙස් කළඹක් ලබාදීමට සමත් නිෂ්පාදනයකි.

මේ පිළිබඳ අදහස් දක්වමින් ලින්ක් නැචුරල් ප්‍රොඩක්ට්ස් සමාගමේ Personal Care අලෙවි අංශ කළමනාකාරිණී අන්‍යා දල්පදාදු මහත්මිය මෙසේ පැවැසුවාය. ‘ආරම්භයේ පටන්ම අප රට පුරා කාටත් ගැළපෙන, විශ්වාසය තැබිය හැකි, කෙස් කළඹට නන් අයුරින් ගුණ දෙන නිෂ්පාදන පාරිභෝගිකයන් වෙත ලබාදීමට කටයුතු කළා. දැන් මේ නව ඇසුරුම සහ ‘කේශා ලයිට් ’ නව නිෂ්පාදනය නිසා එය පෙරටත් වඩා වැඩි පිරිසකගේ, විශේෂයෙන්ම තරුණ පරපුරේ අවධානයට ලක්වේවි.

 

නව අදහස දක්වන්න