රුවන්ඩාවේ මාරා සමූහයෙන් සුහුරු දුරකතන ද්විත්වයක් වෙළෙඳපොළට | දිනමිණ

රුවන්ඩාවේ මාරා සමූහයෙන් සුහුරු දුරකතන ද්විත්වයක් වෙළෙඳපොළට

රුවන්ඩාවේ මාරා සමූහය පසුගියදා සුහුරු (ස්මාර්ට්) දුරකතන ද්විත්වයක් වෙළෙඳපොළට හඳුන්වා දුන් අතර ඒවා අප්‍රිකාවේ නිෂ්පාදිත ප්‍රථම ස්මාර්ට් දුරකතන ලෙස එරට මාධ්‍ය වාර්තා කරයි. Mara X සහ Mara Z ලෙස හැඳින්වෙන මේ දුරකතන සඳහා ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය භාවිත කර ඇත.

අප්‍රිකානු වෙළඳපොළ බලවතා වන සැම්සුන්ග් දුරකතන සමඟ කරට කර සටන් කිරීමේ හැකියාවක් මාරා දුරකතනවලට ඇති බව විශ්ලේෂකයෝ පවසති. ඊජිප්තුව, ඉතියෝපියාව සහ දකුණු අප්‍රිකාව වැනි රටවල සමාගම් විදෙස් රටවලින් උපාංග ආනයනය කරමින් දුරකතන එකලස් කිරීමේ නිරතව සිටිය ද ප්‍රථම වරට සමස්ත දුරකතනයම නිෂ්පාදනය කර ඇත්තේ මොවුන් විසින් බව කියැවේ.

 

නව අදහස දක්වන්න