අමෙරිකා ඇෆ්ගන් මෙහෙයුමකදී අල්කයිඩා ත්‍රස්ත නායකයෙක් මිය ගිහින් | දිනමිණ

අමෙරිකා ඇෆ්ගන් මෙහෙයුමකදී අල්කයිඩා ත්‍රස්ත නායකයෙක් මිය ගිහින්

ඇෆ්ගනිස්ථානය කියයි

ඇමරිකා-ඇෆ්ගන් ඒකාබද්ධ මෙහෙයුමක දී අල් කයිඩා ත්‍රස්ත නායකයෙකු මරණයට පත් කිරීමට හැකි වූ බව ඇෆ්ගන් රජය පවසා ඇත. මෙසේ මරණයට කර ඇත්තේ දකුණු ආසියානු කලාපය බාර අල් කයිඩා නායක අසීම් උමාර් බව වාර්තා වේ. මීට අමතරව අල් කයිඩා සාමාජිකයන් 6 දෙනෙකු ද තලේබාන් සාමාජිකයන් 22 දෙනෙකු ද ඝාතනයට ලක්වී ඇත.

කෙසේ වෙතත් ජාත්‍යන්තර මාධ්‍යය වාර්තා කරන පරිදි මෙම මෙහෙයුමෙන් සිවිල් වැසියන් 40ක් පමණ ජීවිතක්ෂයට පත්ව ඇත. ඒ සම්බන්ධයෙන් දැඩි ලෙස කම්පාවට පත් ඇෆ්ගන් ජනාධිපතිවරයා විසින් සිවිල් වැසියන්ගේ ආරක්ෂාව තහවුරු කරමින් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ දෙපාර්ශ්වයේම හමුදා කණ්ඩායම් සඳහා උපදෙස් දී ඇති වාර්තා වේ.

නව අදහස දක්වන්න