බ්‍රෙක්සිට් සම්බන්ධ යෝජනාවක් ප්‍රතික්ෂේප වෙයි | දිනමිණ

බ්‍රෙක්සිට් සම්බන්ධ යෝජනාවක් ප්‍රතික්ෂේප වෙයි

බ්‍රෙක්සිට් ක්‍රියාවලිය සම්බන්ධයෙන් වන යෝජනාව යුරෝපා සංගම් නායකයින් විසින් ප්‍රතික්ෂේප කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
 
අයර්ලන්ත දේශසීමා අර්බුදය සම්බන්ධයෙන් පරික්ෂාවට ලක් නොකළ අදහස් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් විසින් එම යෝජනාවේ ඉදිරිපත් කර ඇති බව යුරෝපා නායකයින් පවසයි.
 
යුරෝපා කොමිසමේ සභාපති ජීන් ක්ලෝඩ් ජන්කර් පැවසුවේ ඉදිරි දින කිහිපය තුළ එකඟතාවකට පැමිණිමේ සීමාවන් පවතින බවයි.
 
මේ මස 30 වනදා වන විට එකඟතාවක් ඇතිව හෝ නොමැතිව යුරෝපා සංගමයෙන් ඉවත්විමට   බ්‍රිතාන්‍යට සිදු වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

නව අදහස දක්වන්න