පොරොන්දු කඩ කළ නගරාධිපතිට ලැබුණු දඩුවම | දිනමිණ

පොරොන්දු කඩ කළ නගරාධිපතිට ලැබුණු දඩුවම

සිය නගරාධිපතිවරයා කාර්යාලයෙන් පිටතට ගෙනැවිත් ට්‍රක් රියක ගැටගසා මාර්ගයක් ඔස්සේ ඇදගෙන ගිය දකුණු මෙක්සිකෝවේ ගම්වැසියන් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය මැදිහත්ව බේරාගන්නා ලද ජෝර්ජ් ලුයී එස්කැන්ඩොන් හර්නැන්ඩස් (Jorge Luis Escandón Hernández) නම් වූ එම නගරාධිපතිවරයාට බලපතල තුවාල සිදුවී නැත.

ප්‍රදේශයේ මාර්ගයක් පිළිසකර කිරීමට දුන් මැතිවරණ පොරොන්දුව ඉටුකරන ලෙස බල කරමින් ගොවීන් විසින් ඔහුට එල්ල කරන ලද දෙවැනි ප්‍රහාරය මෙය වේ.

මේ සිද්ධිය වාර්තා වූ මෙක්සිකෝවේ චියාපාස් (Chiapas) ප්‍රාන්තයේ ගම්මානය වෙතට අතිරේක ආරක්ෂක නිලධාරීන් යොමු කෙරිණි.

(බී.බී.සිය ඇසුරෙනි)

 

 

නව අදහස දක්වන්න