TVS Lanka ප්‍රදර්ශනාගාරය කුරුණෑගලට | දිනමිණ

TVS Lanka ප්‍රදර්ශනාගාරය කුරුණෑගලට

TVS Lanka සමාගම පසුගිය දා කුරුණෑගල ප්‍රදේශයේ සුප්‍රකට සමාගමක් වන නිව් ධර්මසිරි එන්ටප්‍රයිස් සමඟ ව්‍යාපාරික ගිවිසුමකට අත්සන් තැබීය. ඒ අනුව තවත් නවතම TVS යතුරුපැදි ප්‍රදර්ශනාගාරයක් අංක 121ඊ, පුත්තලම් පාර, කුරුණෑගල යන ස්ථානයේ විවෘත කෙරිණි.

එදින මේ නව ප්‍රදර්ශනාගාරය විවෘත කිරීමේ අවස්ථාවට TVS Lanka සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී රවී ලියනගේ මහතා සහ නිව් ධර්මසිරි එන්ටප්‍රයිස් සමාගමේ සභාපති සංජීව ගුණසේකර මහතා ඇතුළුව, සමාගම් දෙක නියෝජනය කරන පිරිසක් සහ ප්‍රදේශය නියෝජනය කරමින් සම්භාවනීය ආරාධිතයන් පිරිසක් සහභාගි වූහ.

එම අවස්ථාවේ දී රැස්ව සිටි පිරිස අමතමින් TVS Lanka සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී රවී ලියනගේ මහතා මෙසේ පැවැසීය. ‘අපගේ සන්නාමය රටේ තරුණ පරපුර ආදරයෙන් වැළඳගත් සන්නාමයක් ලෙස හැඳින්වීමට පුළුවන්. මේ නව ප්‍රදර්ශනාගාරය මගින් අපට කුරුණෑගල ප්‍රදේශයේ පාරිභෝගිකයන්ට TVS සන්නාමය තවතවත් සමීප කරවීමට හැකියාව ලැබෙනවා. මේ ප්‍රදර්ශනාගාරය සම්බන්ධයෙන් කුරුණෑගල ප්‍රදේශයේ ජනතාවගෙන් දැනටමත් විශාල ප්‍රතිචාරයක් පළවී තිබීම අපට විශාල සතුටක්. එමෙන්ම මේ ප්‍රදේශයේ සියලු දෙනාටම ඉතාම ඉහළ මට්ටමේ සේවාවක් ලබාදීම සඳහා නව ප්‍රදර්ශනාගාරය ඉමහත් පිටුවහලක් වනු නිසැකයි‘

එමෙන්ම ආරම්භක දිනයේ දී පමණක් කුරුණෑගල TVS යතුරුපැදි ප්‍රදර්ශනාගාරයේ දී යතුරුපැදි 20කට වැඩි ප්‍රමාණයක් අලෙවි විය. මෙය දිනක් ඇතුළත ප්‍රදර්ශනාගරයකින් අලෙවි වූ වැඩිම යතුරුපැදි සංඛ්‍යාව ලෙස ද වාර්තා අතරට එක්වීම විශේෂත්වයකි.

 

නව අදහස දක්වන්න