ශ්‍රී ලංකාවේ ප්‍රථම කේබල් කාර් ව්‍යාපෘතිට අත්සන් තබයි | දිනමිණ

ශ්‍රී ලංකාවේ ප්‍රථම කේබල් කාර් ව්‍යාපෘතිට අත්සන් තබයි

 
ශ්‍රී ලංකාවේ ඉදිකිරීමට නියමිත ප්‍රථම කේබල් කාර් ව්‍යාපෘතිය සඳහා අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබේ.
 
මෙරට ප්‍රථම කේබල් කාර් ව්‍යාපෘතිය ඉදි කෙරෙන්නේ නුවරඑළිය ප්‍රදේශයේය.
 
නුවරඑළිය මහනගර සභා පරිශ්‍රයේදී ඊට අදාළ ගිවිසුමට අත්සන් තැබීම ඊයේ(13) සිදු කෙරුණි. ඒ අමාත්‍ය නවීන් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙනි.
 
කේබල් කාර් ව්‍යාපෘතිය තුළින් සංචාරක ආකර්ෂණය තවදුරටත් වර්ධනය කර ගැනීමට අපේක්ෂා කරයි. ඉන් ඉහළ ආදායමක් උපයා ගැනීමට හැකිවනු ඇත. සංචාරක ආකර්ෂණය මෙන්ම කදු ආශ්‍රිත ප්‍රදේශයක් වන නුවරඑළිය ප්‍රදේශයේ ගමනාගමනයට ද එය මහත් පහසුවක් වනු ඇත.

නව අදහස දක්වන්න