නිවැ­රදි කිරී­මයි | දිනමිණ


 

නිවැ­රදි කිරී­මයි

“සිනහවකින් බොහෝ දේ කළ හැකිය“ මැයෙන් පසුගිය සඳුදා මෙම පිටුවේ පළවූ ලිපියෙහි කතානායිකාව වූ අංජලිකා පෙරේරාගේ ඡායාරූප වෙනුවට පළ වී තිබුණේ සෙව්මි තාරකා ප්‍රනාන්දුගේ ඡායාරූප කිහිපයකි. මේ දෙදෙනාම 2019 වර්ෂයේ ඉතාලි රූ රැජිණන්ගේ තරගවලට ඉදිරිපත්ව ජයග්‍රහණ ලබා ඇති ශ්‍රී ලාංකීය යුවතියන් දෙදෙනෙකි. අංජලිකා පෙරේරා, මිස් ග්රෑන්ඩ් ප්‍රික්ස් රූ රැජින තරගයේ අවසාන වටය දක්වා තේරී පත්වෙමින් ඉතාලි රූප සුන්දරියන් සියයකින් හය වැනිස්ථානය හිමිකර ගත් අතර සෙව්මි තාරකා “ඉතාලියා 2019 රූපලාවණ්‍ය තරගයේ“ දෙවන ස්ථානය ද හොඳම සිනහවට හිමි කිරුළ දිනුවාය.

විදේශගතව සිටින මේ දෙදෙනා සම්බන්ධ තොරතුරු ලබා ගැනීමේ දී සිදුවුණු පටලැවීම් නිසා සිදු වූ ඉහත වරද හේතුවෙන් අදාළ දෙපාර්ශ්වය යම් අපහසුතාවයකට පත් වුයේ නම් ඒ පිළිබඳ කණගාටුව පළ කරන අතර දෙදෙනාගේ නිවැරදි ඡායාරූප යළි මෙසේ පළ කරමු.

නව අදහස දක්වන්න