සිය වැනි නොබෙල් ත්‍යාගලාභියා ඉතියෝපියානු අගමැති අබී අහමද් | දිනමිණ

සිය වැනි නොබෙල් ත්‍යාගලාභියා ඉතියෝපියානු අගමැති අබී අහමද්

ඉතියෝපියානු අගමැති අබී අහමද්ට 2019 නොබෙල් සාම ත්‍යාගය සඳහා නම් කෙරිණි. ‘සාමය සහ ජාත්‍යන්තර සහයෝගීතාව සාක්ෂාත් කරගැනීමට‘ දැරූ උත්සාහය ඔහු මේ ත්‍යාගයට හිමිකම් කීමට ඉවහල් විය.

1998- 2000 වර්ෂවල සිට වසර 20ක් පුරා එරිත්‍රියාව සමඟ පැවති දේශ සීමා යුද්ධය අවසන් කර පසුගිය වසරේ දී සාම ගිවිසුමකට එළැඹීමට ඉතියෝපියාවට හැකි විය.

සිය වෙනි නොබෙල් සාම ත්‍යාගලාභියා වන අගමැති අබී අහමද්ට දෙසැම්බර් මස දී එම ත්‍යාගය පිරිනැමීමට නියමිතය. එය ඩොලර් ලක්ෂ නවයක් පමණ වටිනා ත්‍යාගයකි.

 

නව අදහස දක්වන්න