සොරාගත් පාපැදි 13ක් සමඟ සැකකරු අත්අඩංගුවට | දිනමිණ

සොරාගත් පාපැදි 13ක් සමඟ සැකකරු අත්අඩංගුවට

ගල්කිස්ස පොලිස් කොට්ඨාසය තුළ මාර්ගවල හා නිවාසවල නවතා තබන පාපැදි සොරා ගන්නා ලද පුද්ගලයකු රුපියල් ලක්ෂ තුනකට අධික වටිනා පාපැදි 13 සමඟ ගල්කිස්ස අපරාධ විමර්ශන ඒකකය මඟින් සොයිසාපුර ප්‍රදේශයේදී හෙරොයින් මිලිග්‍රෑම් 20ක්ද සමඟ අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

සැකකරු මොරටුව ප්‍රදේශයේ පදිංචි වයස (39) අයකු වන අතර අධික ලෙස හෙරොයින් මත්කුඩු පානයටද ඇබ්බැහි වූ අයකුද වෙයි.

මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ කටයුතු ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මුදිත පුස්සැල්ල, සහකාර පොලිස් අධිකාරි I සමන් ජයසේකර යන මහතුන්ගේ අධීක්ෂණයෙන් මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්. අයි. එම්. උදය කුමාර මහතාගේ උපදෙස් පරිදි අපරාධ විමර්ශන ඒකක ස්ථානාධිපති පොලිස් පරීක්ෂක තරිදු හෙට්ටිආරච්චි, උප පොලිස් පරීක්ෂක රත්නායක සහ වීරතුංග, පොලිස් කොස්තාපල්වරුන් වන 71207 උදයකුමාර, 69962 ප්‍රදීප්, 79940 ජයතිලක29357 දිසානායක, 29425 සඳරුවන්, 18800 ශිවන්ත, 60667 ලියනආරච්චි, 29265 ප්‍රියංකර යන නිලධාරින් විසින් සිදුකර ගෙන යනු ලබයි.

මොහොමඩ් ඉම්තියාස්, මැද කොළඹ විශේෂ

නව අදහස දක්වන්න