මාලිංග ඇතුළු 7ක් දහයයි10 තරගාවලියට | දිනමිණ

මාලිංග ඇතුළු 7ක් දහයයි10 තරගාවලියට

ක්‍රිකට් ක්‍රීඩාවේ තරගකාරිත්වය වැඩි කරමින් ආකර්ෂණය වැඩිකර ගැනීම සඳහා සංවිධාන කරන ඕවර 10යි 10 ලීග් ක්‍රිකට් තරගාවලිය අබුඩාබි හිදී ලබන මස 15 වැනිදා සිට 24 වැනිදා දක්වා පැවැත්වේ.

මේ සඳහා එක්වීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 7 දෙනකුට අවස්ථාව හිමිව තිබේ.

කණ්ඩායම් 8කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මේ තරගාවලියේදී දසුන ශානක සහ වනිඳු හසරංග මරත ඇරබියන්ස් කණ්ඩායමට එක්ව ඇති අතර නිරෝෂන් දික්වැල්ල ටීම් අබුඩාබි කණ්ඩායමටත්, ලසිත් මාලිංග සහ තිසර පෙරේරා බංග්ලා ටයිගර්ස් කණ්ඩායමටත් එක්ව සිටිති. භානුක රාජපක්ෂ ඩෙකෑන් ග්ලැඩියේටර්ස් පිලටත් එක්ව සිටින අතර කුසල් ජනිත් පෙරේරා එක්වී සිටින්නේ දිල්ලි බ්ලූස් කණ්ඩායම සමගය.

මින් පෙර මේ තරගාවලියට එක්ව සිටි ඉසුරු උදාන සහ උපුල් තරංගට මෙවර තරගාවලියට ඇතුළත්ව නොමැත. උදාන දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන මන්සි විස්සයි20 ක්‍රිකට් තරගාලියට එක්වන බැවින් මේ තරගාවලියට එක් නොවෙයි.

නව අදහස දක්වන්න