ගෝඨාභය තවත් මාධ්‍ය සාකච්ඡා දෙකකට සහභාගි වුණොත් අනුර කුමාරටත් පරදිනවා | දිනමිණ


 

ගෝඨාභය තවත් මාධ්‍ය සාකච්ඡා දෙකකට සහභාගි වුණොත් අනුර කුමාරටත් පරදිනවා

ගෝඨාභය රාජපක්ෂ තවත් මාධ්‍ය සාකච්ඡා දෙකකට සහභාගි වුවහොත් අනුර කුමාර දිසානායකටත් පරාජය වන බව විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ ඇමැති සුජීව සේනසිංහ මහතා පවසයි.

ඇමැතිවරයා මෙසේ ප්‍රශ්න කෙළේ වොක්සෝල් වීදියේ පිහිටි එක්සත් ජාතික පක්ෂ ජනාධිපතිවරණ ප්‍රධාන මෙහෙයුම් කාර්යාලයේ ඊයේ (17) පැවැති මාධ්‍ය හමුවේදී ය. මේ අවස්ථාව සඳහා සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු නියෝජ්‍ය ඇමැති නලින් බණ්ඩාර මහතා ද එක් විය.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ ඇමැති සුජීව සේනසිංහ මහතා,

සත්‍ය කවදා හෝ එළිවෙනවා නම් එය නොවැම්බර් 16ට කළින් දවස් දෙක තුනක් ඇතුළත හෙළි විය යුතුයි කියලා මම හිතනවා. මම පුදුම උනා පසුගිය මාධ්‍ය සාකච්ඡාව දකිද්දී. මොකද මම ගෝඨාභය රාජපක්ෂ මහතා ඇත්තටම වියතෙක් කියලා. ඔහු ඇත්තටම නම් උත්තර ලබා දිය නොහැකි, කිසිම ප්‍රශ්නයක් ගැන අවබෝධයක් නැති කෙනෙක්. මේ කට්ටියට බය බලය ලැබුණට පස්සෙයි. තනියෙන් ඔවුන් බියගුල්ලෝ. ඉඩි අමීන්, සදාම් හුසේන්, මුගාබේ වැනි ලෝකයේ ඒකාධිපතියෝ තනි වුණාම හරි බයයි. හැබැයි බලය ලැබුණම බිය ගුල්ලෝ.

මාධ්‍යවේදීන් අහපු ප්‍රශ්න එකකටවත් ඔහුය හරියට පිළිතුරු දෙන්න බැරි වුණා. බලාගෙන ඉන්න කොට හිතෙනවා මෙහෙම මිනිස්සුන්ට කතා කරන්න පුලුවන් ද කියලා. එතුමා කියනවා 89 ගැන දැන් කතා කරන්න එපා කියලා. 89 එතුමා හිටියෙ හමුදාවෙ. අධ්‍යාපනය ගැන ඇහුවා. මේ මාධ්‍යවේදීන් ගෙන් යමක් ඇහුවොත් ඔබට උත්තර දෙන්න දැනුම තිබෙනවා.

ගෝඨාභය කියන්නේ ඇත්තටම ගිරවෙක්. ලියලා දී තිබෙන දේ දෙපැත්තේ ප්‍රොම්ප්ටරයක් දාලා කියවන්න පුලුවන්. හැබැයි නලුවෝ වගේ පෙනුම හොඳයි. හිතන්නේ හොඳ බුද්ධියක් තියෙනවා කියලා. හැබැයි ප්‍රශ්නයක් ඇහුවම ඇඹරෙනවා. සජිත් ප්‍රේමදාස මහත්තයාගෙන් ඔබට කොච්චර ප්‍රශ්න අහන්න පුලුවන් ද? මේ මාධ්‍ය හමුවේ එක්කෙනෙකුට එක උත්තරයක් දෙන්න බැරි වුණා. හිටපු ජනාධිපතිනිය වෙන්න ඇති හූ කියන්නේ කියන එක මාධ්‍ය හමුවක කියන දෙයක්ද?

මට ලොකු විශ්වාසයක් ආවා. මේ මාධ්‍ය හමුව දැක්කට පස්සේ නම් ලංකාවේ 35%ක් වත් ගෝඨාභය රාජපක්ෂ ගිරවෙක් නම් ඡන්දෙ දෙන්නේ නෑ කියලා. අධ්‍යාපනයට ගොඩක් මුදල් වියදම් කරනවා කියලා කිව්වා. අපි තමයි අධ්‍යාපනයට වැඩියෙන්ම වියදම් කළේ . බිලියන 200ක් වෙන් කළා අපි ආ ගමන්.

ලංකාවේ ණය ප්‍රමාණය බලන්න. ට්‍රිලියන 12ක්. ගෝඨාභය රාජපක්ෂ මේ ණය ගෙවන්නේ කොහොමද?

කාබනික පොහොර නිකං දෙන්න යන්නෙ. මම ඉන්නවා කෝප් එකේ කාබනික පොහොර කියලා බැසිල් රාජපක්ෂ වතුර දීලා තියෙන්නේ. දැන් ඒකට පරීක්ෂණයක් යනවා. මම ඉන්නවා පෙත්සම්කාරක සභාවේ. කාබනික පොහොර කියලා එක ආයතනයක් මිලියන ගාණක් දාලා දැන් කෘෂිකර්ම අමාත්‍යාංශය කියනවා ගොම දාල වතුර දීලා තියෙන්නෙ කියලා. එකපාරට කොහොමද කාබනික පොහොර දෙන්නෙ මෙච්චර ප්‍රමාණයක්. කොහෙන්ද දෙන්නෙ? ජනතාවට ඇත්ත කියන්න අවශ්‍යයයි. සංහිඳයාව ගැන කතා කරන්න එපාලු ඒවා ඉවරලු. වැඩක් නැහැලු. මේ රටේ මේ රටේ ප්‍රදේශ වලට ගිහින් කතා කරලා විසඳ ගන්න අවශ්‍ය නැද්ද?

අපට සම්බාධක දැම්මද එක්සත් ජාතින්ගේ සංවිධානෙන්? අයි. එම් එෆ් එකෙන් එහෙම ගන්න පුලුවන් දේ අපි ගන්නවා. රටට අවශ්‍ය දේ පමණයි. ගිවිසුම් රටට හිතකර දේ විතරලු. එහා පැත්තෙන් හිස්බුල්ලා ඉන්නවා. එයාගේ පෝසටරේ තියෙන්නෙත් ගෝටා ගේ පිංතූර. ඊට එහාපැත්තෙන් අතාවුල්ලා ඉන්නවා. මේක මහ අච්චාරුවක්. මම දැකලා නැහැ මෙහෙම ෆෘට් සැලඩ් එකක් වත්‍.මේ වගේ අපේක්ෂකයෙක් ලෝකෙ කොහෙවත් දැක්කා කියලා මම හිතන්නෙ නෑ.

අපේ වාසනාවට මේ මාධ්‍ය හමුව තිබ්බා. තව මාධ්‍ය හමු දෙකක් තිබ්බොත් අනුර කුමාර දිසානායක මහත්තයටත් පරදිනවා. එතුමාට සුහද ආයතන සූදානම් කරන්න මාධ්‍ය සාකච්ඡාවක්.

මාධ්‍යවේදීන් කී දෙනෙක් මැරුවද? අතුරුදන් කළාද? අපේ වාසනාවට එන්නෙ නම් නෑ. බැරි වෙලා හරි ආවොත් 15ක් මරනවා. මාධ්‍යවේදීන් එක්කෙනෙක් හරි නිර්භීත වුණොත් අතුරුදහන් වෙනවා.

ඔවුන් ගේ වසර 20 තුළ මහින්ද රාපක්ෂ හා චන්ද්‍රිකා කුමාරතුංග හැදුවෙ අධිවේගි මාර්ග කි. මී 180යි. මේ වසර තුනට අපි අධිවේගී මාර්ග කි. මී 144ක් හදලා තියෙනවා. ආර්ථිකය වර්ධනය වෙන්න පටන් අරන් තිබෙනවා. ණය ප්‍රමාණය බලන්න. අවසන් වසර තුන හතරෙ අපි ණය සීමාවක් දැම්මා. අපි ණය කළමනාකරණය කර ගෙන සංවර්ධනයත් කර ගෙන යන්නෙ. අපි ගන්නේ බී. ඕ. ටී . ආයෝජන ගේන්න හදනවා. ඊළඟ අවුරුද්දේ ණය ප්‍රමාණය පහළට යනවා. මේ කලමනාකරණය නිසා රටේ සංවර්ධනයට විශාල මුදලක් රටේ ඉතිරි වෙනවා. ඔබාමාට වගේ පහළට වැටෙන රට නගා සිටුවන්න අපිටත් වසර හතරක් ගියා. දැන් අපිට සාර්ථකත්වය කරා යන්න පුලුවන්. සජිත් ප්‍රේමදාස මහතාට ඒ හැකියාව තිබෙනවා.

කොළඹ ගස් හිටවන්න ගෝඨාභය රාපක්ෂ මහත්තයා මිලියන විසිගණනක් වියදම් කරලා තියෙනවා. ඒකද එතුමා වැඩකාරයෙක් කියලා කියන්නේ‍. මිහින් ලංකා හා එයාර් ලංකා පාඩුව ගැන බලන්න. අවුරුදු 10ක් පො‍හොර නිකං දෙන්න තිබුණා.

සජිත් ප්‍රේමදාස මහතා කොතැන හරි සත පහක් වංචාවක් දූෂණයක් කර ඇති බව ඔප්පු කරන්න ඕන නැහැ, චෝදනා කරලා මාව දැනුවත් කළොත් මම දේශපාලනයෙන් අයින් වෙනවා. මට එතුමා සම්බන්ධයෙන් තිබෙන උපරිම විශ්වාසය එලෙසයි යනුවෙන් පැවැසීය.

ක්‍රිසන්ති විතාරණ 
ඡායාරූපය- තිලක් පෙරේරා

නව අදහස දක්වන්න