රට හදන සැලැස්මක් නැති බව ගෝඨාභය ඔප්පු කළා | දිනමිණ


 

රට හදන සැලැස්මක් නැති බව ගෝඨාභය ඔප්පු කළා

රට හදන සැලැස්මක් තමා සතුව නැති බව ගෝඨාභය රාජපක්ෂ මහතා ෂැංග්‍රිලා හෝටලයේ පැවති මාධ්‍ය හමුවේ දී ඔප්පු කළේ යැයි ජවිපෙ මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

 ජාතික ජන බලවේගයේ ග්‍රාමීය ශාඛා සමිති නියෝජිතයන් දැනුවත් කිරීමට මතුගම දී පෙරේදා (16) පැවැති උත්සවයක් අමතමින් ඒ මහතා මෙසේ කීය.

එහිදී මන්ත්‍රීවරයා මෙසේද කීය.

ආර්ථිකය ගැන ඇහුවම අයියාගෙන් අහන්න කියනවා. මීට කලිනුත් මාධ්‍යවේදියකු ඔය අයියගෙන් අාර්ථිකය ගැන ඇහුවම කබ්රාල්ව පෙන්නල එයාගෙන් අහන්න කිව්වා. ව්‍යවස්ථාව, විධායක ක්‍රමය ගැන ඇහුවම මගෙන් විතරක් අහන්නෙ ඇයි ? අනෙත් අයගෙනුත් අහන්නෙ නැත්තේ ඇයි කියා අහනවා. ගෝඨාභය රාජපක්ෂ කියන්නෙ ගිරවෙක්, කවුරු හරි ලියල දෙන දෙයක්, ටෙලිෆොන්ටරයේ දාගන කියවනවා. අකුරු දන්න ඕනෑම පොඩි දරුවකුට වුණත් මේදේ කරන්න පුළුවන්.අවුරුදු 15ක් අමෙරිකාවෙ ඉදලත් අමෙරිකාව හදපු හැටිවත්, ඡන්ද කරන හැටිවත් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉගෙනගෙන නැහැ. අමෙරිකාවෙ ජනාධිපතිවරණයේ දී එහි අපේක්ෂකයන් මාධ්‍ය ඉදිරියට අැවිදින් තම - තමන්ගෙ ප්‍රතිපත්ති ජනතාවට ඉදාරිපත් කරනවා.

පසුගිය දා රාජපක්ෂ අයියල- මල්ලිල, සනුහරේම වටකරගෙන මාධ්‍ය හමුක් තිබ්බා. ගෝඨාභයට අවුරුදු 70ක් ගිහිල්ලත් තවම රට හදන සැලැස්මක් ඔළුවෙ නැහැ කියල එතනදි ඔප්පුක ළා.

මීගහතැන්න සමූහ

නව අදහස දක්වන්න