සජින් සජිත්ට | දිනමිණ

සජින් සජිත්ට

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සම්පූර්ණ සහාය ලබාදී ඒ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවී ක්‍රියා කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගාල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් කියා සිටියේය. මහින්ද රාජපක්ෂ පාලන යුගයේ ඔවුන් කළ ජනතා විරෝධී ක්‍රියා සහ හොර මැරකම් පිළිබද සියලුම විස්තර තමා ළඟ තිබෙන බවත් තව නොබෝ දිනකින් ඒ පිළිබඳ සියලුම විස්තර ජනතාව ඉදිරියේ හෙළි කරන බවත් පැවසූ සජින් වාස් ගුණවර්ධන මහතා මේ රටේ ඊළඟ ජනාධිපතිවරයා බවට පත් වන්නේ සජිත් ප්‍රේමදාස මහතා බව ස්ථීර වශයෙන් කිව හැකි බව පැවසුවේය.

අම්බලන්ගොඩ සමූහ ආර්. ඤණදාස

නව අදහස දක්වන්න