ජාතික ලොතරැයි මණ්ඩයෙන් ජයග්‍රාහකයන්ට ත්‍යග පිරිනමයි | දිනමිණ

ජාතික ලොතරැයි මණ්ඩයෙන් ජයග්‍රාහකයන්ට ත්‍යග පිරිනමයි

ජාතික ලොතරැයි මණ්ඩලය දශක 05 කට අධික කාලයක් තිස්සේ අපේ රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් ගෙන එන ගමන් අපේ රටේ ජනතාවට වාසනාවේ ප්‍රාර්ථනා බලාපොරොත්තු මල්ඵල ගන්වන ආයතනයක් සතියේ දින 07 ම දිනුම් අදින ගොවිසෙත සතියට දින 05ක් දිනුම් අදින මහජන සම්පත, සතියට දින 03ක් දිනුම් අදින ධන නිධානය, නීරෝගා ලග්න ජය සතියට දින 03ක්ද, මෙගා පවර් සතියට දින 03 ක්ද, සුපිරි වාසනා සතියට දින 02 ක්ද ජාතික සම්පත සතියට දින 02ක්ද වාසනා සම්පත සතියේ බ්‍රහස්පතින්දා දිනයේ ද (සතියට එක් වරක් පමණි) දිනුම් අදිනු ලබනවා.

ඒ වාගේම රජයේ ඒකාබද්ධ අරමුදලට, ජාතික වකුගඩු අරමුදලට, ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට, ගොවි සංවර්ධන අරමුදලට, ශ්‍රම වාසනා අරමුදලට, ක්‍රීඩා සංවර්ධන අරමුදලට සමාජ සුබ සාධන අරමුදලට ආදි වශයෙන් රටේ සංවර්ධනය සදහා වාර්ෂිකව අරමුදල් ලබා දෙනවා. මේ වසර තුළ පමණක් මේ වන විට රුපියල් මිලියන 1,690 කට වැඩි ප්‍රමාණය මෙම අරමුදල් සදහා මුදල් ප්‍රදානය කර තිබෙනවා. මේ වන විට සමස්ථ ත්‍යාගලාභීන් අතර බෙදා දෙන ලද මුළු මුදල් සම්භාරය රුපියල් මිලියන 6486 කට වඩා වැඩියි.

අද සිදුකරන ත්‍යාග ප්‍රදානයේ දී පමණක් ලබාදෙනු ලබන මුළු මුදල් ප්‍රමාණය කෝටි 18 කට අධිකයි. මොටර් රථ 03, යතුරු පැදි 17 ආදි ලෙස සුවිසල් ත්‍යාග ප්‍රමාණයක් ලබාදෙනවා.

මෙම ත්‍යාග ප්‍රදානයට ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිනිය ශ්‍යාමිලා පෙරේරා මහත්මියගේ ප්‍රධානත්වයෙන් හා ක්‍රියාකාරී අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව මහතා, අධ්‍යක්ෂ සුදත් ලොකුලියනගේ මහතා, අධ්‍යක්ෂ චරිත් විජේවර්ධන මහතා, සාමාන්‍යාධිකාරී දර්ශණ විජේසිරිවර්ධන මහතා, අතිරේක සාමාන්‍යාධිකාරී ප්‍රභාත් සන්ධ්‍යා තේජ මහතා, ප්‍රධාන මූල්‍ය නිලධාරී ආචාර්‍ය හර්ෂ බණ්ඩාර මහතා සමගින් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරුන් සහකාර සාමාන්‍යාධිකාරිවරුන් සහභාගී විය.

නව අදහස දක්වන්න