විජයකලාගේ ආන්දොලානාත්මක ප්‍රකාශය: නඩුව‍ට නීතිපති උපදෙස් දී නෑ | දිනමිණ


 

විජයකලාගේ ආන්දොලානාත්මක ප්‍රකාශය: නඩුව‍ට නීතිපති උපදෙස් දී නෑ

සිරන්ජනි කුමාරි

යාපනය වීරසිංහම් උත්සව ශාලාවේ පැවැති රාජ්‍ය උත්සවයකදී රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය විසින් සිදු කරන ලද බව කියන ආන්දොලානාත්මක ප්‍රකාශය සම්බන්ධ නඩුව‍ට මෙතෙක් නීතිපතිවරයා විසින් උපදෙස් ලබාදී නැති බවට සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය ඊයේ (18) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය වෙත දැනුම් දුන්නේය.

සිද්ධියට අදාළ නඩුව ඊයේ (18) යළි කැඳවු අතර රාජ්‍ය ඇමැතිවරිය අධිකරණය හමුවේ පෙනී සිටි‍යාය.

මෙහිදී සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් පැවසුවේ 2018/7/3 වන දින ඩබ්ලිව්. පි. 1/123/2018 යටතේ නඩුවේ උඨාත නීතිපතිවරයා වෙත ‍ගොනු කර ඇති බවත් මෙතෙක් නීතිපතිවරයා විසින් උපදෙස් ලබාදී නැති බවත් පැවසීය.

2018/7/2යාපනය වීරසිංහ ශාලාවේදී පැවැති රාජ්‍ය උත්සයකදී රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය විසින් ජාතින් අතර අසමඟිය ඇතිවන පරිදි ආන්දෝලාත්මක ප්‍රකාශයක් සිදු කළ බවට සිංහල රාවය ජාතික සංවිධානය සිදු කරන ලද පැමිණිල්ල මත මෙහි විමර්ශන ආරම්භ කර තිබිණ.

නව අදහස දක්වන්න