කාලය අවසන්වීමට පෙර අයෙකුට හෝ මරණ දඬුවම දෙනවා | දිනමිණ


 

කාලය අවසන්වීමට පෙර අයෙකුට හෝ මරණ දඬුවම දෙනවා

මාධ්‍ය නිදහස උපරිමයෙන් තහවුරු කළ ඉකුත් යුගයේ වැඩිම විවේචනයට ලක් වූ පුද්ගලයා තමා වුවද ඒ කිසිවෙකුට ප‍්‍රතිප‍්‍රහාර සිදුකිරීමට තමා කටයුතු නොකළ බවත් මාධ්‍ය නිදහස මේ රටේ තාරණ්‍යය ද උපරිමයෙන් භුක්ති විදිමින් සිටින බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

තාරුණ්‍යය බල ගැන්වීම සහ ඔවුන්ගේ වරප‍්‍රසාද දිනා දීම වෙනුවෙන් තම පාලන කාලය තුළ විශේෂ වැඩකොටසක් ඉටු කළ බවදා ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ඊයේ (20දා) පස්වරුවේ කොළඹ හිල්ටන් හෝටලයේ දී පැවති ජාතික තරුණ ආදර්ශ එක්සත් ජාතින්ගේ සංවිධානයේ තෙවැනි සමුළුව අමතමිනිි.

තරුණයන් දේශපාලනයට පිවිසෙන්නේ නම් ඔවුන් උගතුන් විය යුතු අතරම පරමාදර්ශී චරිත ද විය යුතු බවත් උගතුන් සිටින රටක ගැටලු අවම වන බවද ජනපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

මත් උවදුරෙන් මේ රටේ තරුණ පරපුර ගලවා ගැනීම සඳහා තමා දැඩි වෙහෙසක් ගෙන කටයුතු කළ බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ලබාදීමට තමා තින්දු කළ ද ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනු වූ බවත් එහි තීන්දුවට තමාට හිස නැමීමට සිදුවන බවත් ජනපතිවරයා සඳහන් කළේය.

යම් හෙයකින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ලබාදීමට පක්ෂව එම නඩු තීන්දුව ලැබුණහොත් තම නිල කාලය අවසන් වීමට පෙර රටේ තාරණ්‍යය වෙනුවෙන් එක් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුට හෝ මරණීය දණ්ඩනය ලබාදීමට කටයුතු කරන බව ද ජනපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

 

නව අදහස දක්වන්න