මිලියන 39ක රන් බිස්කට් සමඟ ගුවන්තොටුපොළ සේවකයෙකු දැලේ | දිනමිණ


 

මිලියන 39ක රන් බිස්කට් සමඟ ගුවන්තොටුපොළ සේවකයෙකු දැලේ

රුපියල් මිලියන 39ක් වටිනා රන් බිස්කට් සහ ස්වර්ණාභරණ තොගයක් ශ්‍රී ලංකා රේගුව විසින් කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.
 
රන් බිස්කට් 40ක් හා කිලෝවක් පමණ බරැති ස්වර්ණාභරණ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. කටුනායක ගුවන්තොටුපොළ පරිශ්‍රයේ නිදහස් තීරුබදු වෙළෙඳ සංකීර්ණයේ සේවකයෙකු මේ සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
 
 ඔහුගේ පාදාශ්‍රිත ප්‍රදේශයේ මෙම භාණ්ඩ තොගය ඔතා තිබු බවත් මේ සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන ක්‍රියාත්මක බවත් ශ්‍රී ලංකා රේගුව පවසයි.

නව අදහස දක්වන්න