අනුර සේනානායකට එරෙහි නඩුව ලබන 17යළි කැඳවයි | දිනමිණ


 

අනුර සේනානායකට එරෙහි නඩුව ලබන 17යළි කැඳවයි

කුමුදු හෙට්ටිආරච්චි

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතන සිද්ධියට අදාළ සාක්කි වසන් කළ බවට අධිචෝදනා ලැබ සිටින හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානාක මහතා අසනීපව රෝහල්ගතවීම හේතුවෙන් ඔහුට එරෙහි නඩුව යළි කැඳවීම ලබන නොවැම්බර් මස 17 වැනිදාට කල් තැබුණි.

කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා හමුවේ මේ නඩුව විභාගයට ගැනේ.

නඩුවේ විභාගය ආරම්භ කිරීමට පසුගියදා (23) දින නියමකර තිබුණු අතර විභාගය සඳහා නඩුව කැඳවූ අවස්ථාවේ විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නිතීඥවරයා අධිකරණයට දන්වා සිටි‍ෙය් ඔහු අසනීපව රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි.

විත්තිකාර අනුර සේනානායක මහතා අසනීපව රෝහල්ගතව සිටින බැවින් ඔහුට එරෙහි නඩුව යළි කැඳවීමට දිනයක් ලබාදෙන මෙන් නීතීඥවරු ඉල්ලා සිටියහ.

ඒ අනුව පසුගියදා (23) ආරම්භ කිරීමට දින නියම කර තිබූ නඩු විභාගය අවලංගු කළ විනිසුරුවරයා නඩුව ලබන නොවැම්බර් 17 වැනිදා කැඳවීමට නියම කළේය.

වසීම් තාජුඩීන් ඝාතනයට අදාළ සාක්කි වසන් කළ බවට විත්තිකාර අනුර සේනානායක මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා ඇත.

නව අදහස දක්වන්න