ක ට ට ර ස ට‍ කෑ ම හ ද මු | දිනමිණ


 

ක ට ට ර ස ට‍ කෑ ම හ ද මු

වට්ටක්කා පැටිස්

 

අපි කොයිකවුරුත් වට්ටක්කා කන්න පුරුදු වෙලා ඉන්නේ ව්‍යංජනයක් විදියට. නමුත්, වට්ටක්කාවලින් සුප්, කේක්, බිස්කට්, දෝසි වර්ග වගේ ඕනෑම ආහාරයක් සැකසීමේ ක්‍රම ලොව පුරා ප්‍රචලිත වෙලා තිබෙනවා. හැමදාම කන පැටිස් එකට වට්ටක්කා එකතු කරගෙන රසවත් ආහාර වට්ටෝරුවක් සාදා ගන්නා අයුරු ‘Bijoux & Bits‘ වෙබ් අඩවියේ පළවෙලා තිබෙනවා.

 

අවශ්‍ය ද්‍රව්‍ය

* මධ්‍යම ප්‍රමාණයේ වට්ටක්කා ගෙඩියක්

*බටර් මේස හැඳි 04 ක්

*අඹරන ලද කරාබුනැටි සහ සුදුළූණු,

*චෙඩාර් චීස්

*ලුණු

*ගම්මිරිස්

*ආවරණය සඳහා පැටිස් මිශ්‍රණය

*බිත්තර සාරු ද්‍රාවණය

*තෙල්

වට්ටක්කා කුඩා කැබලිවලට කපා තම්බා පොඩිකර ගන්න. එයට බටර්, ලුණු, ගම්මිරිස්, චෙඩාර් චීස් , අඔරන ලද කරාබුනැටි,සුදුළූණු සියල්ල හොඳින් මිශ්‍ර කර ගන්න. මේ සියල්ල බීට් කර ගන්නත් පුළුවන්. පැටිස් ආවරණ මිශ්‍රණය සාදාගෙන රවුම් පිටි ආවරණය මැදට වට්ටක්කා මිශ්‍රණය දමා බිත්තර සාරු යොදාගෙන සීල් කර ගන්න. පිහි තුඩකින් පැටිස් වටා ඉරි අදින්න. පසුව, අවම වශයෙන් විනාඩි 10 ක් පමණ ශීතකරණය තුළ තබා ගත් පැටිස්මත දිලිසෙන ස්වභාවයක් එක් කිරීමට බිත්තර සාරු ආලේප කරන්න. මේ පැටිස් ගැඹුරු තේලේ බැඳ ගන්නත් විදුලි උදුනේ මිනිත්තු 25-30 ක කාලයක් බේක් කර ගන්න දැන් ඔබට පුළුවනි.

සටහන- මදාරා මුදලිගේ

නව අදහස දක්වන්න