ඡන්දය දීම වැළැක්වීම එජාපයේ අරමුණයි | දිනමිණ


 

ඡන්දය දීම වැළැක්වීම එජාපයේ අරමුණයි

අනුර ප්‍රේමලාල්

එක්සත් ජාතික පක්ෂයට අවශ්‍ය වී ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාක්ෂිකයන්ට බොන්න දී ඡන්දය දැමීම වැළැක්වීම බව පාර්ලිමෙන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.

ඒ බව පසුගියදා(15) සජිත්පේ‍්‍රමදාස මහතාගේ ප‍්‍රචාරක රැලියක තමයි මාළඹේ සීලරතන හිමි කියන්නේ බොන්න එපා කියලා. ඒ කියන්නේ හාමුදුරුවෝ දන්නවා එජාප පාක්ෂිකයන් බොන බව. ඒ අනුශාසනාවේ කියන්නේ ගෝඨාභයගේ අයට බොන්න දෙන්න කියලා. ඒ අයට ඕන ගෝඨාභය රාජපක්ෂ මතාගේ පාක්ෂකයන්ට බොන්න දීලා ඡන්දය දාන එක වළක්වන්න. මේක බුදුන් තුන්වරක් වැඩිය රටනේද?. 88-89 කාලයේ පුතාගේ තාත්තා තමන්ට එරෙහි ජනතාව මර්දනය කළේ වෙඩි උණ්ඩවලින්, පුළුස්සලා. පුතා බලනවා මරණවට වැඩියලේසියි බොන්න දීලා ඡන්දය දාන්න යන එක වළක්වන එක කියලා.

සජිත්ගේ කඳවුරේ අය කියන ප‍්‍රකාශ දිහා හොඳින් බලන්න. ඔවුන් සිදු කරන්නේ අනෙක් කඳවුරේ අයට මඩ ගහනඑක. මේ දින කිහිපය තුළ සජිත්ගේ වේදිකාවේ ඉඳගෙන තමයි සජිත්ව පරාජය කරන්න හදන්නේ. පාලිත රංගේ බණ්ඩාර කියන විදිහට ජනතාව පමණක් නෙවෙයි වෙලවල්වල ඇලවල්වල ඉන්න ගෙම්බොත් සජිත් සජිත් කියනවා කියලා.

සජිත්ට අපි අභියෝග කරනවා ඔබ අද දිනයේ සිට ලබන 13 වෙනිදාවන විට පුළුවන් නම් කියන්න ඔබේ අගමැති අපේක්ෂකයා කවුද කියලා. අපි නම් කියනවා අපේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අගමැති මහින්ද රාජපක්ෂ කියලා. කෙලින්ම ඔබත් ප‍්‍රකාශ කරන්න ඒ සම්බන්ධයෙන්. පුළුවන් කමක් තිබෙනවා නම් අපේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය එළිදක්වලා තිබෙනවා. 30-3 දින වල තැපැල් ඡන්දය ක්‍රියාත්මක වෙනවා. පුළුවන් නම් එදාට කලින් එජාපයේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය ඉදිරිපත් කරන්න කියලා.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී පියල්නිශාන්ත මහතා...

සජිත් පේ‍්‍රමදාස කියන්නේ මොනවද කියලා ජනතාව හොඳින් තේරුම් ගත්තොත්හොදයි. සජිත් කටට එන බේගල් කියනඅපේක්ෂකයෙක් බවට පත්වෙලා තිබෙනවා. ඔහු කිව්වේ මහාභාණ්ඩාගාරයේ මුදල් තිබෙනවා ඒ නිසා තමන් පත්වූවහොත් මජනතාවට සහන දෙනවා කියලා. සිල්ලර පොරොන්දු දීලා භාණ්ඩාගාරය හිස් කළ ආණ්ඩුවට තව දුරටත් ජනතාව අන්දවන්න බැහැ. මව්බිම පුවත්පතේ තිබෙනවා සජිත් දිනුවොත් උඩරටට අගමැතිකම අවශ්‍යයි කියලා. මෙතැනින් තමයි අර්බුදය ආරම්භවෙලා තිබෙන්නේ. සජිත්ට අමැතිවරයා කවුද කියලා නම්කරගන්න බැහැ. අපිනම් කිසිම සැකයකින් තොරව නම්කරලා තිබෙනවා අපේ අගමැති අපේක්ෂකයාව. සජිත් තමන්ගේ සිහින කැබිනෙට්ටුව හදලා තිබෙනවා.

මේ මැතිවරණයේදී අද වනවිට සජිත් පේ‍්‍රමදාස මහතා ඉතාමත් අසරණ තත්ත්වයේ සිටින්නේ. සජිත් පේ‍්‍රමදාස වැටුප් ගන්නේ නැහැ කිව්වාට පිටු ගණන්පත්තර වල දැන්වීම් දමන්න ඔහුට කොහෙන්ද මෙතරම් මුදල්. අපි දන්නවා මේ රටේ රාජ්‍ය නිලධාරින්ට කොහොමද ස්වාධීනව කටයුතු කරන්න හම්බුණේ කියලා. ආබාධිත රණවිරුවන්ට එළව එළවාපහර දීලා ඔවුන් අසරණ කළා. මේ සජිත්ගේ ආණ්ඩුව. ඒ නිසා රාජ්‍ය සේවකයන් ගැන දැන්වීම් පළකරලා තමන්ගේ ප‍්‍රතිරූපය නංවාගන්න මුදල් නාස්ති කරන්න එපා.

නව අදහස දක්වන්න