අමතක නැති බෙග් මතක | දිනමිණ

අමතක නැති බෙග් මතක

අල්හාජ් මොහිදීන් බෙග් මහතාගේ 29වන සමරුව වෙනුවෙන් ලියැවුණු ලිපියකි

මොහිදීන් බෙග් යනු තවත් එක් ගායකයකු නොවේ ඔහු නියෝජනය කරන්නේ යුගයකි.එමෙන්ම බොදුනු සංස්කෘතිය නවීන කලාවක් වූ ගීතය සමග රසාස්වාදනීය තැනකට ගෙන ආ ගායන ශිල්පියා ඔහුය. විදෙස් දේශයක සිට මෙරට පැමිණ මෙරට සංස්කෘතිය තුළ අමතක නොවන සටහන් තැබූ ගායකයා ලෙස හැඳින්වීම ඔහුට කරන ගෞරවයකි. අද වන විට අල්හාජ් මොහිදීන් බෙග් නම් මහා ගායනා ශිල්පියා මිය ගොස් වසර විසිනවයකි. එහෙත් අදත් බෙග් නාමය ගායන ලොව බැබැලෙන නමකි.

බොදු බැතිමතකු නොවුණද ඔහු තරම් බොදු සංස්කෘතියට ගීත ලබා දුන් ශිල්පියකු නොමැති තරම්ය. වෙසක් පොසොන් ඇතුළු බොදු උත්සවවල ඇසෙන හොඳම ගීත ඔහුගේය. ඒ තරමට බෙග් නම සහ බොදුකම එකට ගැලපී තිබේ. ,, බුද්ධං සරණං ගච්ඡාමී , බුදුන්ගේ අමා ධර්මේ ඇතුළු ගීත එදා පමණක් නොව ගෙවී ගිය පොහොය දිනයේදීද අපේ සවනට ඇසුණු මිහිරි බොදු ගීතයන්ය. බෙග් ගීත සහ බොදුනු උත්සව අතර සබඳකම කෙසේද යත් මෙම ගීත නොමැතිනම් වෙසක් මිහිරේ කිසියම් අඩුවක් මතුව එන තරටම මොහිදීන් බෙග් ගායකයානන්ගේ ගීත සහ බොදුනු කම අතර මහා සබැඳියාවක් ගොඩ නැගී තිබේ.ඒ තරමට ඔහුගේ ගීත සිංහලකමට බෞද්ධකමට සමීපව තිබේ.

විවිධ ජාතී‍්න් සමගියෙන් සිටින රටක් නිර්මාණය කිරීමට වෙහෙසෙන මෙවැනි කාලයක මොහිදීන් බෙග්ලා තව තවත් රටට අවශ්‍යව තිබේ. ගායකයකු ලෙස පමණක් නොව සමගිය සංහිදියාව අගයන මිනිසකු ලෙස එවැන්නන් දහස් ගණනින් අවශ්‍ය කාලයකි මේ.

 

ලාල් පින්දෙනිය
අරකාවිල 

නව අදහස දක්වන්න