මහ කන්නයට අවශ්‍ය පොහොර ගෙන්වා අවසන් කරන්න | දිනමිණ

මහ කන්නයට අවශ්‍ය පොහොර ගෙන්වා අවසන් කරන්න

ඇමැතිගෙන් රජයේ පොහොර සමාගම්වලට උපදෙස්

මෙවර මහ කන්නයට අවශ්‍ය පොහොර ප්‍රමාණය ගෙන්වා අවසන් කරන ලෙස රජයේ පොහොර සමාගම් සඳහා උපදෙස් දුන් බව කෘෂිකර්ම ඇමැති පී. හැරිසන් මහතා ප්‍රකාශ කළේය.

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේ ද කීය. මේ වන විට යූරිය මෙට්‍රික් ටොන් 30,000ක් ගෙන්වීමට ඇණවුම් කර තිබෙනවා. එයින් මහ කන්නයට අවශ්‍ය පොහොර ප්‍රමාණය සම්පූර්ණ වෙනවා. වී වගාවට පොහොර මෙට්‍රික් ටොන් 22,9526ක් මෙවර මහ කන්නට අවශ්‍ය වන බවට වාර්තා වී තිබෙනවා. මහ කන්නයේ වී හෙක්ටයාර් 787,259ක භූමි ප්‍රමාණයක් වගා කරනු ඇතැයි අපි ගණන් බලා තිබෙනවා.

මහ කන්නයේ වී වගාවට යූරියා මෙට්‍රික් ටොන් 1481,629ක් ද, ත්‍රියල් සුපර් පොස්පේට් මෙට්‍රික් ටොන් 36,530ක් ද, MOP මෙට්‍රික් ටොන් 44,833ක් ද මේ වන විට ආනයනය කර තිබෙනවා. මහ කන්නයට රජයේ පොහොර සමාගම් වන කොමර්ෂල් පොහොර සමාගමට සියයට හතළියක් ද, ලක් පොහොර සමාගම්ට සියයට හැටක් ද පොහොර ආනයනය සඳහා අවසර හිමිව තිබෙනවා.

කලාවැව සමූහ කේ. ජී. සමරකෝන්
ඡායාරූපය - කලාවැව සමූහ

නව අදහස දක්වන්න