අපි ගේම ගහන්නේ ජන බලයෙන් | දිනමිණ

අපි ගේම ගහන්නේ ජන බලයෙන්

නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස

අපි ගේම ගහන්නේ ජන බලයෙන්, අපි ගහන්නේ ජන සවියෙන්, අපි ගහන්නේ ජන ශක්තියෙන්. අපි ළග මැර බලයක් නැහැ. අපි ළඟ කුඩු බලයක් නැහැ. අපිට උදව් කරන්න පචවාහිනී නැහැ. අනේ මිත්‍රවරුණි අද පචවාහිනී ඔක්කොම පචයක් කරනවා. ඒ නිසා සියලු දෙනාටම මම කියන්න කැමැතියි මම මැතිවරණ රැස්වීම් 151ක් කරනවා. හැම එකක්ම සජීවීව මුහුණු පොතේ යනවා. එතකොට මුළු ලංකාවම දන්නවා මට හරි දේ කියන කොටත් කොටත් දන්නවා මගේ අතින් පුංචි අත් වැරැද්දක් වුනත් දන්නවා. කවුරුත් ඒවා එඩිට් කරන්නේ නැහැ. කවුරුත් ඒවා සංස්කරණය කරන්නෙ නැහැ. ඒ නිසා ඔබලාට මේ දකින මාව තමයි ඒක තමයි සත්‍යය. මම වෙනම මාව මාකට් කරන්නේ නැහැ. මම වෙනමම මේකප් දාගෙන වෙස් ප්‍රතිරූපයක් ජනතාවට දෙන්න යන්නේ නැහැ.

නව ප්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසූවේ පෙරේදා (30) තොටළඟ ප්‍රදේශයේ පැවැති ජය තහවුරු කිරීමේ “එක්ව ඉදිරියට“ රැස්වීම් මාලාවේ තවත් මහා රැලියකට එක්වෙමිනි.

නව ප්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා ජනතාව අමතමින්....

තොටළඟ ආසනය භාරව කටයුතු කරන රවී කරුණානායක ඇමැතිතුමාට මගේ ස්තුතිය සහ ප්‍රණාමය පුද කර සිටිනවා උතුරු කොළඹ ජයග්‍රහණයක් නොවෙයි විජයග්‍රහණයක්ම නිර්මාණය වෙන ආකාරයට මේ මැතිවරණ කොට්ඨාසය ශක්තිමත් කරලා මේ මැතිවරණ කොට්ඨාසයේ ජනතාව දිරිමත් කරලා ඉතාමත්ම වැදගත් ආකාරයට මේ ජන රැලිය සංවිධානය කිරීම පිළිබඳව එතුමාට මගේ ස්තුතිය හා ප්‍රණාමය පුද කර සිටිනවා.

අද දවසට අමතන හයවෙනි රැලිය. පටන් ගත්තේ වව්නියාවෙන් ඉන් පසුව මැදවච්චිය ඉන් පසුව ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කින්නියා ඉන් පසුව දඹුල්ල දඹුල්ලෙන් පස්සේ මිනුවන්ගොඩ, කුරුණෑගල රැස්වීමට යන්න බැරිවුණා හෙලිකොප්ටරය ඒ රැස්වීම් භූමියට ගෙන යන්නට බැරිවුණ නිසා. දැන් හයවෙනි රැස්වීම උතුරු කොළඹට එනකොට නම් ලොකු තෙහෙට්ටුවක් තිබුණා. නමුත් දැන් තමුන්නාන්සේලා දැක්කා විතරයි, තමුන්නාන්සේලාගේ ශක්තිය උද්යෝගය දැක්කා විතරක් නෙවෙයි රැස්වීම් හයක් කරන්නට මට ඇගට ප්‍රාණයක් ලැබුණා.

මේ උතුරු කොළඹ ජනතාව හැමදාමත් අපිව දිනෙව්වා. මම ඔබට ඉදුරාම පොරොන්දු වෙනවා රවී කරුණානායක මැතිතුමාගේ සංවිධායකත්වයෙන් උතුරු කොළඹ මැතිවරණ කොට්ඨාසයේ පවුලක් පවුලක් ගානේ පුද්ගලයෙක් පුද්ගලයෙක් ගානේ අපි අනිවාර්යයෙන්ම කෙළෙහිගුණ සලකනවයි කියලා

උතුරු කොළඹ බල ප්‍රදේශයේ බරපතල නිවාස ප්‍රශ්න තිබෙනවා. උතුරු කොළඹ බල ප්‍රදේශයේ අධ්‍යාපන ක්ෂේත්‍රය අපි ශක්තිමත් කරනවා. උතුරු කොළඹ මැතිවරණ බල ප්‍රදේශයට තවමත් අඩුවක්ව තිබෙන ජාතික පාසල අනිවාර්යයෙන්ම අපි මුල්ගල් තියල විවෘත කරනවයි කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා.

උතුරු කොළඹ මළ නාලිකා පද්ධතිය සහ මුලින්ම අඩපණ වෙලා තිබෙන්නේ එය වැඩිදියුණු කරන්නට ලොකු මුදලක් වැයවුණත් අපි මේ රටේ පොදු ජනතාවගේ සෞඛ්‍ය සම්පන්න භාවයට අපි මුල්තැන ලබාදෙනවා. ඒ නිසා විශේෂයෙන්ම ඔබලා වෙනුවෙන් අපි ඒ යුතු කමත් උතුරු කොළඹ දැවැන්ත සංවර්ධන සැලැස්ම යටතේ තමුන්නාන්සේලාගේ මැතිවරණ කොට්ඨාසය සංවර්ධනයේ සුරපුරයක් බවට පත් කරනවාමයි කියන එක මේ අවස්ථාවේ සඳහන් කරන්න කැමැතියි.

මම නැවත වරක් කියනවා ඔබතුමාගේ පවුල් ගහේ ඉන්න තිස්දහද හතලිස්දාහද මගේ තාත්තා හදපු ඒ ක්‍රීඩාංගනයට එන්න මම තනියම මුහුණ දෙනවා විතරක් නෙවෙයි ප්‍රතිවාදී සියලු දෙනාටම කියන්න කැමැතියි මෙදා පාර අපි උඩින්ම දිනනවා. උඩින්ම දිනනවා විතරක් නෙවෙයි සජිත් ප්‍රේමදාස ඕනම අභියෝගයකට ලෑස්තියි. සමහරෙක් අහනවා මහන්සි නැද්ද මේ ගමන යන්න පුළුවන්ද කියලා. ඒ සියලු දෙනාටම කියන්න කැමැතියි සජිත් ප්‍රේමදාස ශක්තිමත් වෙන්නේ ප්‍රේමදාස ජාන වලින් කියන එක මම ප්‍රකාශ කරනවා.

මෙදා පාර තමුන්නාන්සේලා මේ උතුරු කොළඹ මැතිවරණ කොටඨාසයේ ඡන්ද පොළොවල් 61ම සිටින හැම ගෙදරකටම යන්න හැම පවුලක්ම හමුවෙන්න. හැම පුද්ගලයෙක්ම හමුවෙලා කරුණාකරලා ජාති ආගම් කුල මල පන්ති පක්ෂ භේදයෙන් තොරව නව උදාවක් නව ගමනක් ශ‍්‍රී ලංකා ෆස්ට් කියන වැඩපිළිවෙල යටතේ අපි හැමෝම එක්ව ඉදිරියට යමුයි කියලා යෝජනා කරනවා.

ඇමැති පාඨලී චම්පික රණවක මහතා ජනතාව අමතමින්...

කොළඹ හතේ තුනේ මේදය වැඩි වෙච්ච අයට ඇවිදින්න මිලියන හාර පන්සිය වියදම් කරලා ජොගින් ට්‍රැක් හදන එක විතරයි ගෝඨාභය රාජපක්ෂ කළේ.පළමුවෙනි වතාවට අපේ ආණ්ඩුවෙන් තමයි පොළව යට තිබෙන පැරණි ජල නල පද්ධතිය පළිසකර කළේ අප ජලය මලාපවාහන පද්ධතිය අද විධිමත් කරගෙන යනවා. තව අවුරුදු විසි පහකට කොළඹ නගරයේ මළාපවාහන පද්ධතියේ කිසිදු ප්‍රශ්නයක් නොවන්න. ඒවා නොවෙයිද කොළඹ නියම ලස්සන කිරීම. උතුරු කොළඹ ගංවතුර සම්පූර්ණයෙන්ම පාලනය කරන්න අපි උමංමාර්ගයක් ආරම්භ කර තිබෙනවා. දූ . මොනවද ගෝඨාභය මහත්තය කළේ. අපි එක බිම් අගලක්වත් විදේශිකයන්ට සින්නක්කරව ලබාදී නැහැ. ඉතිහාසයේ ඒවා ලබා දුන්නේ සින්නක්කරව අක්කර හත්සීයක් සින්නක්කරව ලබා දුන්නා. නාමල්ට කාර් රේස් යන්න කැසීනෝ යන්න වැඩපිළීවෙලක් හදලා දුන්නා ඒගොල්ලො. රාජපක්ෂ පවුලට ඉහළින් ඔබව ඔසවා තබන්න අපි කටයුතු කරනවා

ඇමැති මනෝ ගනේෂන් මහතා ජනතාව අමතමින්...

මුළු රටම අපේ ජනාධිපති අපේ, අගමැති අපේ , පාර්ලිමේන්තුවම අපේ. මහින්ද රාජපක්ෂ මහත්තය දැන් කියන්නේ බොම්බයි ලූණු නැහැ සුදු ළූනු නැහැ කියන එක විතරයි. දැන් උතුරේ ජනතාව ටී.එන්.ඒ සංවිධානය රට ගැන හිතලා අනිවාර්යයෙන්ම අපේ ජනාධිපතිතුමාට සහාය ලබා දෙනවා .

ඇමැති රවි කරුණානායක

මේ කාලය තුළ ගෙයින් ගෙට ගොස් දැනුවත් කරලා සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිකරවන්නයි කියා ඉල්ලා සිටිනවා. මේ රටේ වැඩියෙන්ම පන්සල් රකින්න මුදල් වැය කරපු එකම පක්ෂය එක්සත් ජාතික පක්ෂයයි.

මේ අවස්ථාවට මහා සංඝ රත්නය,අන්‍යාගමික පූජකතුමන්ලා, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, ඇමැති රවී කරුණානායක, ඇමැති එරාන් වික්‍රමරත්න, ඇමැති පාඨලී චම්පික රණවක, ඇමැති රාජිත සේනාරත්න, එක්සත් ජාතික පක්ෂ මහා ලේකම් ඇමැති අකිල විරාජ් කාරියවසම්, ඇමැති රන්ජන් රාමනායක, ඇමැති මනෝ ගනේෂන්, ඇමැති විජිත් විජිතමුණි සොයිසා, කොළඹ නගරාධිපපතිනිය රෝසි සේනානායක, පාර්ලිමේන්තු මන්ත්‍රිනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, නාගරික මන්ත්‍රී මහේන්ද්‍රද සිල්වා, පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්.ෆවුසි, හිටපු ඇමැති මර්වින් සිල්වා, හිටපු ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම, නාගරික මන්තී චමින්ද අලුත්ගෙදර, හිටපු පළාත් සභා මන්ත්‍රී ඒ.ජේ.එම්.ෆායිස්, නාගරික මන්ත්‍රීන් වන රෝයි බෝගහවත්ත, කළණ සාගර දිසානායක, මොහොමඩ් නයිසර්, නෝබට් එන්.ප්‍රනාන්දු, මොහොමඩ් අයුබ්කාන්, එම්.එච්.එම්.නවුෆර්, හිටපු පළාත් සභා මන්ත්‍රී සී.පී.වයි.රාම්, රණවිරුවන්, සංවිධායක අජිත් පතිරණ, පළාත් සභා මන්ත්‍රීවරුන් ඇතුලු මහජන නියෝජිතයන්, ප්‍රදේශයේ ජනතාව ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

රක්ෂණ ශ්‍රියන්ත සහ මැද කොළඹ සමූහ ආරියරත්න ගනේගොඩ

 

නව අදහස දක්වන්න