සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරගාවලියේ අති විශිෂ්ට සම්මානය රාජකීය විදුහලට | දිනමිණ

සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරගාවලියේ අති විශිෂ්ට සම්මානය රාජකීය විදුහලට

ප්‍රින්ස් ගුණසේකර
අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එම්.එන්.රණසිංහ මහතා අතින් කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩා නායකයා අති විශිෂ්ට පාසලට හිමි සම්මාන ලබාගත් අයුරු. අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් හේමන්ත ප්‍රේමතිලක, අධ්‍යාපන අමාත්‍යාංශයේ විශේෂ ක්‍රීඩා උපදේශක සුනිල් ජයවීර මහත්වරුද මෙහි වෙති. ඡායාරූප - වාසිත පටබැඳිගේ

දක්ෂතම මලල ක්‍රීඩකයා බණ්ඩාර-ක්‍රීඩිකාව ෂෙලින්දා

සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරගාවලියේ සියලුම ක්‍රීඩාවලින් ශ්‍රී ලංකාවේ අති විශිෂ්ට පාසල ලෙස කොළඹ රාජකීය විදුහල සම්මාන දිනා ගනියි.

රාජකීය විදුහල ලකුණු 127.5ක් ලබාගත් අතර දෙවැනි ස්ථානය දිනාගත් සාන්ත පීතර විදුහල ලකුණු 80ක්, තෙවැනි ස්ථානයට පත්වූ කොළඹ විශාඛා විදුහල ලකුණු 60ක් ලබා ගත්තේය. ඊයේ කොළඹ සුගතදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ජය සංකේත ප්‍රදානය සිදු කෙරුණි.

සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරගාවලියේ මලල ක්‍රීඩා අංශයෙන් මෙවර ඉතිහාසයේ වැඩිම නව තරග වාර්තා බිහිවෙමින් වාර්තා 49ක් සටහන්වීම කැපී පෙණුනි. දින 5ක් පුරා පැවැති මලල ක්‍රීඩා තරගාවලියේදී බාලක අංශයෙන් නව තරග වාර්තා 27ක් හා බාලිකා අංශයෙන් නව තරග වාර්තා 22ක් බිහිවිය.

සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා තරගාවලියේ ශූරතා

දක්ෂතම මලල ක්‍රීඩකයා - යූ. බී. එම්. ආර්. ඩී. බණ්ඩාර ලුණුවිල වෑකඩ මහා වි. (දක්ෂතාව- 18න් පහළ මීටර් 400 තත්පර 47. 53)

දක්ෂතම මලල ක්‍රීඩිකාව - ෂෙලින්දා ජෙන්සන් රාජගිරිය ගේට්වේ ජා. පා. (දක්ෂතාව 20න් පහළ මීටර් 400 තත්පර 47. 53)

පළාත් ශූරතා - 1. බස්නාහිර පළාත (ලකුණු 1280), 2. මධ්‍යම පළාත (ලකුණු 501), 3. වයඹ පළාත (ලකුණු 437), 4. දකුණු පළාත (ලකුණු 327), 4. සබරගමුව පළාත (ලකුණු 278), 6. උතුරු පළාත (ලකුණු 156), 6. උතුරු මැද පළාත (ලකුණු 107), 7. ඌව පළාත (ලකුණු 98), 7. නැඟෙනහිර පළාත (ලකුණු 78)

සමස්ත බාලිකා ශූරතාව - 1. වලල ඒ රත්නායක වි. (ලකුණු 235), 2. රත්නපුර සුමනා බාලිකා වි. (ලකුණු 89), 3. ගේට්වේ ජා. පා. (ලකුණු 74)

සමස්ත බාලක ශූරතාව - 1. සාන්ත පීතර වි. (ලකුණු 133), 2. හලාවත සාන්ත මරියා වි. (ලකුණු 73), 3. වලල ඒ රත්නායක වි. (ලකුණු 72)

කනිෂ්ඨ බාලක ශූරතාව - 1. විජයපුර කනිෂ්ඨ වි. (ලකුණු 33), 2. මොරටුව ජයලත් අප ස්වාමිදුවගේ කන්‍යාරාමය, 3.සාන්ත ඇන්ඩෘ වි. (ලකුණු 23)

කනිෂ්ඨ බාලික ශූරතාව - 1. මියුසියස් වි. (ලකුණු 26), 2. නුගේගොඩ ලයිසියම් වි. (ලකුණු 20), 3. ගාල්ල විද්‍යාලෝක වි. (ලකුණු 19)

ජ්‍යෙෂ්ඨ බාලක ශූරතාව - 1. සාන්ත පීතර වි. (ලකුණු 133), 2. සාන්ත මරියා වි. (ලකුණු 73), 3. වලල ඒ රත්නායක වි. (ලකුණු 72)

ජ්‍යෙෂ්ඨ බාලිකා ශූරතාව - 1. වලල ඒ රත්නායක වි. (ලකුණු 235), 2. රත්නපුර සුමන බාලිකා වි. (ලකුණු 89), 3. ගේට්වේ ජා. පා. (ලකුණු 74)

12න් පහළ බාලක ශූරතාව - 1. නුගේගොඩ ලයිසියම් වි. (ලකුණු 20), 2. ත්‍රිකුණාමලය සිංහල වි. (ලකුණු 15), 3. මිනුවන්ගොඩ මාරපොල මහා වි. (ලකුණු 10), ගල්කිස්ස විද්‍යා වි. (ලකුණු 10), තිරප්පනේ මහනාම වි. (ලකුණු 10), තණමල්විල බෝධාගමබ මහා වි. (ලකුණු 10)

12න් පහළ බාලිකා ශූරතාව - 1. තණමල්විල විජයපුර වි. (ලකුණු 33), 2. මොරටුව ජයලත් අප ස්වාමී දුවගේ කන්‍යාරාමය (ලකුණු 23), 3. මහනුවර උසස් බාලිකා වි. (ලකුණු 21)

14න් පහළ බාලක ශූරතාව - 1. කොළඹ ආනන්ද වි. (ලකුණු 25), 2. ගාල්ල විද්‍යාලෝක වි. (ලකුණු 19), 3. මාවනැල්ල සහිරා මුස්ලිම් මහා විදුහල වි. (ලකුණු 17)

14න් පහළ බාලිකා ශූරතාව - 1. නාවලපිටිය සාන්ත ඇන්ඩෘ වි. (ලකුණු 23), 2. හාලිඇල ඌව විද්‍යා වි. (ලකුණු 17), 3.කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක වි. (ලකුණු 17)

16න් පහළ බාලක ශූරතාව - 1.කුරුණෑගල සාන්ත ජෝන් කොතලාවල වි. (ලකුණු 48), 2. සාන්ත පීතර වි. (ලකුණු 28) 3. වලල ඒ රත්නායක වි. (ලකුණු 27)

16න් පහළ බාලිකා ශූරතාව - 1. වලල ඒ රත්නායක මධ්‍ය මහා වි. (ලකුණු 72) 2. රත්නපුර සුමන බාලිකා වි. (ලකුණු 33) 3. මහව විජයබා ජා. පා. (ලකුණු 17)

18න් පහළ බාලක ශූරතාව - 1. සාන්ත පීතර වි. (ලකුණු 72) 2. හලාවත සාන්ත මරියා වි. (ලකුණු 41) 3. පන්නිපිටිය ධර්මපාල වි. (ලකුණු 24)

18න් පහළ බාලිකා ශූරතාව - වලල ඒ රත්නායක වි. (ලකුණු 69) 2. රත්නපුර සුමන බාලිකා වි. (ලකුණු 53) 3. රාජගිරිය ගේට්වේ ජා. පා. (ලකුණු 30)

20න් පහළ බාලක ශූරතාව - 1. කොළඹ සාන්ත පීතර වි. (ලකුණු 33), 2. මාකදුර මාකදුර මහා වි. (ලකුණු 32), 3. වලල ඒ රත්නායක වි. (ලකුණු 29)

20න් පහළ බාලිකා ශූරතාව - 1. වලල ඒ රත්නායක විදුහල (ලකුණු 94), 2. රාජගිරිය ගේට්වේ වි. (ලකුණු 44), 3. අඹගමුව මහා වි. (ලකුණු 25)

කඩුලු මතින් දිවීමේ දක්ෂතම ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාව - නවෝද්‍ය සංකල්ප මහින්ද විදුහල ගාල්ල (20න් පහළ මී. 400 කඩුලු මතින් දිවීම තත් 52. 50)

පැනීමේ ඉසව්වල දක්ෂතම ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාව - ටී. ජී. එම්. සදනුවන් රාජාංගනය යාය 5 මහා විදුහල (20න් පහළ තුන් පිම්ම මීටර් 15. 32)

විසිකිරීමේ ඉසව්වල දක්ෂතම ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාව - රුමේෂ් තරංග සාන්ත පීතර විදුහල (18න් පහළ හෙල්ල විසි කිරීම මීටර් 66.63)

ධාවන තරග දක්ෂතම ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාව - යූ. බී. එම්. ආර්. ඩී. බණ්ඩාර ලුණුවිල වෑකඩ මහා විදුහල (18න් පහළ මීටර් 400 තත්පර 47. 53)

සමස්ත ලංකා පාසල් මිශ්‍ර ශූරතාව (16න්, 18න් හා 20න් පහළ) - 1. වලල ඒ රත්නායක විදුහල (ලකුණු 307), 2. රාජගිරිය ගේට්වේ ජාත්‍යන්තර පාසල (ලකුණු 89), 3. ශ්‍රීමත් ජෝන් කොතලාවල මහා විදුහල (ලකුණු 56)

සමස්ත ලංකා පාසල් සහාය දිවීමේ බාලක ශූරතාව (16න්, 18න් හා 20න් පහළ) - 1.සාන්ත පීතර විදුහල (ලකුණු 40), 2. වලල ඒ රත්නායක විදුහල (ලකුණු 20), 3. සාන්ත බෙනඩික්ට් විදුහල (ලකුණු 18)

සමස්ත ලංකා පාසල් සහාය දිවීමේ බාලිකා ශූරතාව (16න්, 18න් හා 20න් පහළ) - 1.වලල ඒ රත්නායක විදුහල (ලකුණු 20), 2. රත්න පුර සුමනා බාලිකා විදුහල (ලකුණු 19), 3.ගම්පහ සිරිකුරුස විදුහල (ලකුණු 12)

නව අදහස දක්වන්න