මිරිස් කන්නේ බලා­ගෙ­නයි! | දිනමිණ


 

මිරිස් කන්නේ බලා­ගෙ­නයි!

 

මිරිස් කියන්නේ එදිනෙදා ආහාර වට්ටෝරු රසවත් කරන රසකාරකයක්. මිරිස් නියමිත ප්‍රමිතියට නිපදවනවාද යන්න අප සැළකිලිමත් විය යුතුයි. සාමාන්‍යයෙන් මිරිස්වල තිබෙන දිලීර නිසා ඇතිවන ‘ඇෆ්ලාටොක්සින්’ (Aflatoxin) විෂ කාරකය නිපදවයි. මිරිස් අස්වැන්න නෙළූ පසු ඒවා වියළීමේදී දිලීරවලින් මිරිස් ආසාදනය වේ. මෙම ආසාදනය බහුලව ඇති කරන්නේ Aspergillus flavus නමැති දිලීරය යි. ඒවා අතරින් ‘B1 ඇෆ්ලාටොක්සින්’ වර්ගය ප්‍රමුඛ වේ. පසුගිය දිනවල නොයෙකුත් පළාත්වල සිදුකළ වැටලීම්වලින් අනාවරණය වී ඇත්තේ වෙළෙඳපොළේ තිබූ මිරිස් මෙට්‍රික් ‍ටොන් 200ක් පමණම ආනයනය කරන ලද ඒවා බවත්, ඒවායෙහි ඇෆ්ලාටොක්සින් විෂ අධිකව තිබූ බවත් ය. නියමිත ප්‍රමිතියට අනුව, තිබිය හැකි ඇෆ්ලාටොක්සින් ප්‍රමාණය 20mg / kg කි.

 

ඇෆ්ලාටොක්සින් යනු පිළිකා කාරකයකි. එය අක්මා හා ආමාශගත පිළිකා ඇති කරන බව ද ස්නායු රෝග හා පේශිවල රෝග ඇතිකරන බව ද සොයාගෙන ඇත. රෝග ලක්ෂණ ලෙස බඩදැවිල්ල, වමනය, බඩයෑම, බඩරුදාව ඇතිවේ. අධික හිසරදයද මේ අතර වේ. අක්මා හා ආමාශ පිළිකා රෝග ලක්ෂණද පෙන්වයි.

දිලීර වැලඳුණු මිරිස්වල ලක්ෂණ

වියළි මිරිස් කරල් මිලදීගැනීමේදී දිලීර ආසාදනය වී ඇතිදැයි බලන්න. නිරීක්ෂණයේදී පවුඩර් වැනි කුඩක්, දුමක් ලෙස පිටවේ නම් එය දිලීරය වැළඳුන ඒවායි. තවද දිලීරය වැළඳුණ මිරිස් කරල් රතු පැහැයෙන් අව පැහැයකට නැතහොත් මෙරූන් පැහැයට හැරේ. සැර ගතිය ද අඩුවේ. වියළි ස්වභාවය අඩුවී තෙත් ස්වභාවයක් ගනී.

මිරිස් කුඩු අලුත්ද?

මිරිස් කුඩු මිලදී ගැනීමේදී රතුපාට වෙනුවට සුදු පුස් වැනි දිලීරය වැළඳීදැයි බලන්න. කල් ඉකුත්වීමේ දිනය බලන්න. වියළි මිරිස් කොටා පිළියෙළ කර ගැනීමට පෙර මිරිස් කරල් වතුරෙන් සෝදා හොඳින් වියළාගන්න. ඉන්පසු මිරිස් බැද, කොටා ගන්න. තෙතමනය රහිත වියළි භාජනයක හෝ බෝතලයක අසුරා නිතර සුළං නොවැදෙන පරිදි මූඩිය හොඳින් වසා තබන්න.

නිතර භාජනය විවෘත කිරීමේදී තෙත සහිත හැඳි නොදමන්න. භාවිතයට ගත්පසු මූඩිය හොඳින් වසන්න. මෙවා අනුගමනය කිරීමෙන් දිලීර ආසාදන වළක්වාගත හැකිය. මිරිස්, කෑලි මිරිස් ලෙස කෙටීමේදී මඳක් කබලේ බැදගන්න. (Half toast).

උපදෙස්-ආහාර හා පෝෂණය

පිළිබඳ විශේෂඥ වෛද්‍ය

සෙලී ප්‍රනාන්දු

යශෝදා ඉන්දීවරී

නව අදහස දක්වන්න