බට­ර්ව­ලට අලුත් රසක් බැසිල් ගාලික් බටර් ( Basil Garlic Butter) | දිනමිණ


 

බට­ර්ව­ලට අලුත් රසක් බැසිල් ගාලික් බටර් ( Basil Garlic Butter)

ක  ට   ට    ර   ස  ට‍    කෑ ම    හ  ද   මු

 

අපි හැමදාමත් බටර් සහ මාගරින් ආහාරයට එකම රසයකින් ආහාරයට ගන්නවා. ඒ ඒකාකාරී බවින් මිදෙන්න කැමැති නම් බටර්වලට විවිධ රස ගුණ එක් කළ හැකියි. බැසිල් ගාලික් බටර් කියන මේ අහාර වට්ටෝරුව පළ වෙලා තිබුණේ ‘SHE WEARS MANY HATS‘ වෙබ් අඩවියේ.

 

අවශ්‍ය ද්‍රව්‍ය

* ලුණු මිශ්‍ර බටර් කෝප්ප 1/2 ක්

* සිහින්ව කැපූ නැවුම් බැසිල් කෝප්ප 1/4 ක්

* සිහින්ව අඹරන ලද සුදුළූනු කරාබු නැටි

* නැවුම් ලෙමන් හෝ දෙහි තේ හැදි 1/2

* කළු ගම්මිරිස් තේ හැඳි 1/4

 

සාදන අයුරු

ලුණු මිශ්‍ර බටර්, සිහින්ව කැපූ නැවුම් බැසිල් කොළ, සිහින්ව අඹරන ලද සුදුළූණු, කරාබු නැටි, නැවුම් ලෙමන් හෝ දෙහි , කළු ගම්මිරිස් යන සියල්ලම හොඳින් මිශ්‍ර කරන්න. පසුව පොලිතින් එකකින් රෝල් හැඩයට ඔතා ශීතකරණයේ තබන්න. කුකුළු මස්, මාළු වගේම එළවළු වර්ග තම්බා හෝ බැද ආහාරයට ගැනීමේදී මේ බටර් පෙති හැඩයට කපා පිළිගන්වන්න පුළුවන්.

සටහන- මදාරා මුදලිගේ

නව අදහස දක්වන්න