නිල ඡන්ද පත්‍රිකා බෙදන තැපැල් කාර්යාලවලට පොලිසිය | දිනමිණ

නිල ඡන්ද පත්‍රිකා බෙදන තැපැල් කාර්යාලවලට පොලිසිය

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහරින තැපැල් කාර්යාලවලට පොලිස් ආරක්ෂාව යෙදවීමට පියවර ගෙන තිබේ.

තැපැල් දෙපාර්තමේන්තුව පැවසුවේ, නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහරින තැපැල් කාර්යාල 2192 සඳහා එලෙස පොලිස් ආරක්ෂාව ලබාදී ඇති බවයි.

මේ අතර නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු 75% කින් අවසන් කර ඇතැයි, ද නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ පවසයි.

කෙසේ වෙතත්, ලබන 09 වැනිදා දක්වා නිවෙස් වෙත නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු සිදුකිරීමට නියමිතව ඇත.

ඒ සඳහා තැපැල් සේවකයින් අට දහසක් පමණ රාජකාරියේ යොදවා ඇතැයි ද සදහන්.

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව මෙතෙක් නොලැබූයේ නම් තමන්ට අදාළ තැපැල් කාර්යාලය වෙත ගොස් විමසීම් කළ හැකි බව ද නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ සඳහන් කළේ ය.

 

නව අදහස දක්වන්න