මධ්‍යම පළාත් පාසල් ළමා මලල ක්‍රීඩා 3 වසර ශූරතා අඹගමුවට සහ ගිනිගත්හේනට | දිනමිණ


 

මධ්‍යම පළාත් පාසල් ළමා මලල ක්‍රීඩා 3 වසර ශූරතා අඹගමුවට සහ ගිනිගත්හේනට

අඹගමුව විදුහල් කණ්ඩායම

නේස්ලේ ලංකා සමාගම මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ප්‍රාථමික අධ්‍යාපන අංශය සමග එක්ව සංවිධාන කරන මධ්‍යම පළාත් පාසල් ළමා මලල ක්‍රීඩා ශූරතාවලියේ බාලක ජය හිමිකර ගැනීමට ලකුණු 111ක් ලබාගත් හැටන් අඹගමුව විද්‍යාලය සමත්වූ අතර බාලිකා ශූරතාව ගිනිගත්හේන ප්‍රාථමික විදුහල සතුවිය. ඔවුන් රැස්කගත් ලකුණු සංඛ්‍යාව 126කි. නුවරඑළිය ඇල්බියන් ‍දෙමළ විද්‍යාලය ලකුණු 103ක් රැස්කරමින් මිශ්‍ර පාසල් ඉසව්වේ ජය හිමිකර ගත්හ.

මේ තරගාවලිය දිගන ක්‍රීඩා සංකීර්ණයේ පැවැත්වෙන අතර 4 සහ 5 වසර තරග අද (6) නිමාවට පත්වීමට නියමිතය.

තරග ප්‍රතිඵල

බාලක

1.අඹගමුව විද්‍යාලය-හැටන් (ල.111), 2.අනුරුද්ධ ජාතික පාසල-නාවලපිටිය (ල.110), 3.කිංස්වුඩ් විදුහල-මහනුවර (ල.108)

බාලිකා

1.ගිනිගත්හේන ප්‍රාථමික විදුහල (ල.126), 2.ටොරින්ටන් දෙමළ විද්‍යාලය-නුවරඑළිය (ල.96), 3.අන්කුඹුර ආදර්ශ ප්‍රාථමික විද්‍යාලය-කටුගස්තොට (ල.95)

මිශ්‍ර

1.ඇල්බියන් දෙමළ විද්‍යාලය-නුවරඑළිය (ල.103), 2.ශ්‍රී ධම්මරත්න විද්‍යාලය - ගම්පොල (ල.101), 3.ආනන්ද දිසානායක ප්‍රාථමික විද්‍යාලය-කොත්මලේ (ල.97)

නව අදහස දක්වන්න