සාග් පදක්කම් දිනන්න කබඩි කණ්ඩායම් සූදානම් | දිනමිණ

සාග් පදක්කම් දිනන්න කබඩි කණ්ඩායම් සූදානම්

දොලොස්වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී ලෝකඩ පදක්කම් දිනාගත් ශ්‍රී ලංකා කබඩි කණ්ඩායම් මෙවර නේපාලයේ පැවැත්වෙන 13 වැනි ක්‍රීඩා උළෙලේදි රිදී පදක්කම් දිනා ගැනීමට සූදානම් බව එම සම්මේලනයේ සභාපති අනුර පතිරණ මහතා පවසයි.

එහිදී විශේෂයෙන්ම කාන්තා කණ්ඩායම ඉදිරියෙන් පසුවන බවද ඔහු කියා සිටී.

තව දින 25කින් නේපාලයේ කත්මන්ඩු නුවරදී ආරම්භවන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට එක්වන 30 දෙනකුගෙන් යුත් කබඩි කාන්තා පිරිමි කණ්ඩායම් පිළිබඳ අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය. ක්‍රීඩකයන් 16කගෙන් සමන්විත පිරිමි කණ්ඩායමේ නායකයා ලෙස චාමර හපුතන්ත්‍රී කටයුතු කරන අතර ඉන්දිවරී විජේතුංග ක්‍රීඩිකාවන් 12කින් යුත් කාන්තා කණ්ඩායමේ නායකත්වය දරයි.

මේ කණ්ඩායම් ද්විත්වයේ කළමනාකරු ලෙස අනුර පතිරණ මහතා කටයුතු කරන අතර ඉසුරු බණ්ඩාර පිරිමි කණ්ඩායමේ පුහුණුකරු ලෙසත් එල්. රත්නායක මහතා සහාය පුහුණුකරු ලෙසත් කටයුතු කරති. කාන්තා කණ්ඩායමේ පුහුණුකරු ලෙස ආර්.අයි.එස්.කුමාර මහතාත්, ඒ.විජේසිංහ මහතා සහාය පුහුණුකරු ලෙසත් කටයුතු කිරීමට නියමිතය.

1999 වසරේ පළමු වරට මේ ක්‍රීඩා උළෙලේදී කබඩි ක්‍රීඩාවෙන් ලෝකඩ පදක්කම දිනා ගැනීමට පිරිමි කබඩි කණ්ඩායම සමත් වූ අතර 2010 වසරේ කාන්තා කණ්ඩායම ලෝකඩ පදක්කමක් දිනා ගත්තේය.

අවසන් වරට ඉන්දියාවේ පැවැති 12 වැනි ක්‍රීඩා උළෙලේදී ලෝකඩ පදක්කම් දිනා ගැනීමට ශ්‍රී ලංකා පිරිමි සහ කාන්තා කණ්ඩායම් සමත්වූ අතර එම සංචිතවලට ඇතුළත්ව සිටි ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් මෙවර සංචිතයටද ඇතුළත්ව සිටිති. කේ.සිනෝදරන්, එස්.එම්.සී.ආර්.සමරකෝන්, කේ.ඒ.එල්.කේ.බී.කුරුප්පු, එච්.ආර්.සී.හපුතන්ත්‍රී, ඩබ්.ඒ.එල්.සම්පත්, කේ.එන්.සී.කුමාර පසුගිය වර ක්‍රීඩා උළෙලට එක්වූ පිරිමි කණ්ඩායමටත්, ටී.එස්.ජී.කේ. හේරත්, ඩබ්.පී.අයි.එම්.විජේතිලක සහ ඩබ්.එම්.එන්.ඩී.විජේතුංග කාන්තා කණ්ඩායමටත් ඇතුළත් වූහ.

පිරිමි සංචිතය - කේ.සිනෝදරන්, ස්.එම්.සී.ආර්.සමරකෝන්, ජේ.ඒ.ඩී.ප්‍රේමතිලක, කේ.ඒ.එල්.කේ.බී. කුරුප්පු, ඒ.පී.ජී.එම්.චතුරංග, කේ.ඩී.එම්.පුෂ්පකුමාර, ඩී.එම්.ආර්.ජී.දිසානායක, ඒ.එච්.එම්.එන්.ඩී.අබේසිංහ, වයි.ඒ.සංජය, ආර්.එම්.ඒ.එස්.රත්නායක, ඩී.ඩී.ජී.මදුෂංක, එච්.ආර්.සී.හපුතන්ත්‍රී, වී.ඒ.කේ.ජී.ජයමාල්, ඩබ්.ඒ.එල්.සම්පත්, බි.ඒ.සහිඩ්, කේ.එන්.සී.කුමාර

ඉසුරු බණ්ඩාර (පුහුණුකරු), එල්. රත්නායක (සහාය පුහුණුකරු)

කාන්තා සංචිතය - ඒ.පී.එම්.හංසමාලි, ඩබ්.එම්.එන්.ඩී.විජේතුංග, ටී.එම්.ජී.කේ.හේරත්, පී.මධුෂානී, අයි.ඩබ්.දමයන්ති, ආර්.කේ.එස්.මනෝධනී, පී.එම්.සංජීවනී, වී.දිලක්ෂනා, ඊ.ඩබ්.අයි.එස්.විජේතුංග, ඩබ්.පී.අයි.එම්.විජේතිලක, එච්.ජී.එස්.බුද්ධිකා, එම්.ඒ.ටී.කාංචනා, ජී.කේ.එම්.මාධවී, ආර්.ප්‍රියවරුනා

ආර්.අයි.එස්.කුමාර (පුහුණුකරු), ඒ.විජේසිංහ (සහාය පුහුණුකරු)

නිරෝෂාන් ප්‍රියංකර

නව අදහස දක්වන්න