අබුඩාබි T 10 තරගාවලියට ශ‍්‍රී ලංකාවෙන් ක්‍රීඩකයින් 15ක් | දිනමිණ


 

අබුඩාබි T 10 තරගාවලියට ශ‍්‍රී ලංකාවෙන් ක්‍රීඩකයින් 15ක්

අබුඩාබිහි පැවැත්වෙන T 10 තරගාවලිය සඳහා ශ‍්‍රී ලංකා කී‍්‍රඩකයින් 15 දෙනෙකු තෝරාගෙන තිබේ.
 
ලසිත් මාලිංග, ඇන්ජලෝ මැතිව්ස්, කුසල් ජනිත් පෙරේරා, තිසර පෙරේරා, නුවන් ප‍්‍රදීප් සහ නිරෝෂන් දික්වැල්ල එම ක්‍රීඩකයින් අතරට අයත් වේ.
 
එසේම පකිස්තාන තරගාවලියේ දක්ෂතා දැක්වූ ෂෙහාන් ජයසූරිය, දසුන් ශානක, වනිඳු හසරංග සහ භානුක රාජපක්ෂ ද තරගාවලියට එක්කර ගෙන තිබේ.
 
මලින්ද පුෂ්පකුමාර මෙන්ම ශ‍්‍රී ලංකා පිලට මෑතකදී එක් නොවූ දුෂ්මන්ත චමීර සහ අසේල ගුණරත්න ද තරගාවලියට තෝරාගෙන තිබීම විශේෂත්වයකි.නවක කී‍්‍රඩකයින් වන කෙවින් කොත්තිගොඩ හා ප‍්‍රභාත් ජයසූරිය ද තරගාවලියට සහභාගීවීමට නියමිතය.
 
එක් කණ්ඩායමකට පන්දුවාර 10 ක් බැගින් හිමිවන T 10 තරගාවලිය නොවැම්බර් 14 වනදා ආරම්භවන අතර 24වනදා අවසන්වේ.

නව අදහස දක්වන්න