සජිත් රටේ සමාජ, ආර්ථීක, දේශපාලන, පාරිසරික විප්ලවීය වෙනසක් කරනවා | දිනමිණ


 

සජිත් රටේ සමාජ, ආර්ථීක, දේශපාලන, පාරිසරික විප්ලවීය වෙනසක් කරනවා

බුද්ධිකා ඉඹුලාන

මෙවර ජනාධිපතිවරණයේ ජයග්‍රහණයෙන් පසුව සජිත් පේ‍්‍රමදාස මහතා විසින් සමාජ, ආර්ථීක, දේශපාලන, පාරිසරික වශයෙන් විප්ලවීය පරිවර්තන ගණනාවක් සිදුකිරීමට නියමිත බව මහනගර හා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා ඊයේ (05) පදනම් ආයතනයේ දී පැවැති ”සජිත් සමාජ විප්ලවය” ප්‍රතිපත්ති ප්‍රකාශනය පිළිබඳ විශේෂ විග්‍රහයකට එක් වෙමින් සඳහන් කෙළේය.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා, ”සජිත් පේ‍්‍රමදාස මෙවර ජනාධිපති ජයග්‍රහණයෙන් පසු විප්ලව කාරී පරිවර්තන ගණනාවක් සිදුකරන්න නියමිතයි. බලගතු සමාජ පරිවර්තනයක් සිදුකරනවා. මත්ද්‍රව්‍යය ජාවාරම, රාජ්‍ය අංශයෙත් පුද්ගලික අංශයෙන් දුෂණය පැතිරීම, ආගමික අන්තවාදය යන කාරණාවලට එරෙහි කටයුතු ප්‍රකාශයට පත්කර තිබෙනවා. රට පැහැදිලි ආර්ථික වෙනසක් ඉල්ලා සිටින අවස්ථාවක්. බලගතු ආර්ථීක පරිවර්තනයක්, උපාය මාර්ගික වෙනසක් ඇති කරන්න අප බලාපොරොත්තු වෙනවා. 2010-2015 කාලයේ වාණිජ පදමින් ණය ගත්ත ආර්ථික බුබුලක් මහින්ද රාජපක්ෂ මහතා ඇති කළා. 2010-2014 කාලයේ ලංකාවේ ආර්ථිකය ඩොලර් බිලියන 23ක වර්ධනයක් ළගාකර ගත්තා. එම කාලය තුළම වාණිජ හා විදේශවලින් ලබාගත් ණය ඩොලර් බිලියන 18 ක්. ඒ ආර්ථික වර්ධනය ඇති වුණේ ණයවර බුබුළ මගින්. ඒ 2015 වසරෙන් පසු අපට එයට මුහුණ දෙන්න සිද්ද වුණා. 2019 වර්ෂයේ දී විදේශ විනිමය ණය වාරිකය පොලියත් සමගින් ඩොලර් බිලියන 5.6ක්. ඉන් 4.5ක් පොලිය නොමැති ණය. ඉන් සියයට හැත්තෑවක් ගෙවන්න සිදුවෙලා තිබෙන්නේ රාජපක්ෂ යුගයේ ඇති කර ණයවර බුබුළ මගින් ඇති කර ව්‍යාජ ආර්ථික වර්ධනයේ ප්‍රතිඵල ලෙසින්. මෙහි දී දේශපාලන පරිවර්තනයක් යෝජනා කර තිබෙනවා. අවිංසාවාදීව බලගතු දේශපාලන පෙරළියක් ඇති කරන්න යනවා. සජිත් සමාජ විප්ලවය ලෙස එය ගෙන එන්නේ. මෙතෙක් පැවැති මෙරට දේශපාලන දේහයේ පිළිකාවන් ඉවත්කර, නීරෝගී සම්පන්න දේශපාලන ජීවිතයක්, ජනතාවට දේශපාලනය ගැන විශ්වාසය දැනවිය හැකි ක්‍රියාදාමයන් ඇති ප්‍රතිපත්ති මාලාවක් ඇති කර තිබෙනවා.

රටට නව ආර්ථික උපාය මාර්ගයක් අවශ්‍යයි. අපි දකින්නේ දැනුම පදනම් කරගත් නවෝත්පාදන ආර්ථියක්. එයට යටිතල පහසුකම් වැඩි දියුණු කිරිමක් මේ රජය විසින් සිදුකළා. එය හෝමාගම නගරයේ ඇති කරපු තාක්ෂණ ව්‍යාපෘතිය. රජයේ උපකාරයෙන් තොවර තරුණ ව්‍යවසායකත්වයක් බිහිවුණා. මේ ක්‍රියාවලිය රටේ ප්‍රධාන ආර්ථික ක්‍රියාවලිය ලෙසින් පරිවර්තනය කරන නවෝත්පාදන ආර්ථීක ක්‍රියාවලිය තමයි සජිත් පේ‍්‍රමදාස මහතාගේ සමාජ විප්ලවය තුළ තිබෙන ප්‍රධානම ක්‍රියාදාමය බවට පත්වෙන්නේ. එමගින් නව රුකියා අවස්ථා උත්පාදනය, නව වාණිජ අවස්ථා උත්පාදනය, නව විදේශ ආදායම් උත්පාදනය කර ගැනීම සේම රටතුළ අධ්‍යාපනය, සෞඛ්‍යය සහ වෙනත් ක්ෂත්‍රයන්වල විප්ලවීය පරිවර්තනයක් මේ දෙසට ඇති කරගැනීම තමයි අපගේ අරමුණ.

නව පරිසර ප්‍රඥප්තියකට එළබිලා තිබෙනවා.ගෝලීය උණුසුම වැඩිවීමත් සමගින් පරිසර ප්‍රශ්නය ජාති, ආගම්, දේශ සීමාවලින් තොර භයානක ප්‍රතිඵල ලැබෙන්නක් බවට පත්වෙලා. සරණාගතයින් බිහිවන තත්ත්වයට පරිසර ප්‍රශ්නය ඇතිවෙලා තිබෙනවා. උදාහරණයක් සඳහන් කළොත්, ඉන්දුනීසියාවට අගනගරය වන ජකර්තා නගරය අතහැර 2025 වන විට බෝනියෝවල අලූත් නගරයක් ගොඩනගන්න සිදු වෙලා තිබෙනවා. මුහුද ගොඩ ගැලීමේ ගැටලූව මත. මේ අභියෝගය බස්නාහිර පළාතට, යාපනයට, මඩකළපුවට පවතිනවා. ඉදිරි වසර පනහ තුළ මුහුද ඉහළට යන ප්‍රමාණය, වැසි, නියගය මගින් දැවැන්ත සංවර්ධන අභියෝගයක් ඇති වෙනවා. එයට මුහුණ දෙන ආකාරය පිළිබඳ සියලූ සංවර්ධන, සමාජ, ආර්ථික, දේශපාලන, විදේශ ප්‍රතිපත්තිය, ආරක්ෂක ප්‍රතිපත්තියට තුළ අන්තර්ගත වෙලා තිබෙනවා.

මුදල් රාජ්‍ය ඇමැති එරාන් වික්‍රමරත්න මහතා-සජිත් ප්‍රේමදාස මහතා සමාජ විප්ලවයක නායකයෙක්, ඒ මහතා ආර්ථිකය ගැන ක්‍රියාත්මක ප්‍රතිපත්ති ඉතා වැදගත්.ඒ මහතා දූෂණයට එරෙහිව සටන් වදින කෙනෙක් .තමන් ජනාධිපති වූ පසු පත්වන කැබිනට්ටුවට කිසුඳු දූෂිතයකු ඇතුළත් කරක්නේ නැති බවට ප්‍රතිඥා දී තිබෙනවා. පසුගිය වසර 19 තුළ ඔහු තමන් දැරූ ඇමැති පදිවිවල දී හෝ වෙනත් දේශපාන, සමාජ සේවා කටයුතුවල දී තද නෑ හිත මිතුරන් තනතුරුවලට පත්කළේ නෑ.එතුමාගේ ප්‍රත්පත්ති ප්‍රකාශයේ පැහැදිලිව සඳහන්වනවාදරුවන්ගේ අනාගතය යහපත් කරන විශේෂ වැඩපිළිවෙලක්. ගර්භණි මව්වරුන්ගේ පෝෂණ මල්ල රුපියල් 20, 000-30, 000 දක්වා වැඩි කිරීම, පෙරපාසල් අධ්‍යාපනය නොමිලේ ලබා දීම තුළින් දුප්පත් පවුල්වල දරුවන්ටත් ක්‍රමවත් පෙරපාසල් අධ්‍යාපනයක්ලබා දීමට සැලසුම් සකස් කර තිබෙනවා.විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ නව ප්‍රවණතාවන්, එමෙන්ම තොරතුරු තාක්ෂණය අතින් නව පරපුර ඉහළ තැනකට යොමු කිරීම, ජාත්‍යන්තරව ඇති තොරතුරු තාක්ෂණ ඉල්ලුමට සරිලන පරිදි අපගේ යොවුන් පරපුර එම තාක්ෂනයට යොමු කිරීමේ වැඩසටහන් ගණනාවක් සජිත් ප්‍රේමදාස මහතා විසින් තම ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් ඉදිරිපත් කර තිබෙනවා.

ආරථික ප්‍රතිසංස්කරණ හා පොදු සැපයුම් කැබිනට් නොවන ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා - මත්ද්‍රව්‍යවලට එරෙහිව, දූෂණයට එරෙහිව මෙන්මආගමික අන්තවාදයට එරෙහිව සජිත් ප්‍රේමදාස මහතා දැවැන්ත යුද්ධයක් ක්‍රියාත්මක කර තිබෙනවා. ”සජිත් සමාජ විප්ලවය” ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළින් එයා විසඳුම් සදහන් කර තිබෙනවා.මත්ද්‍රව්‍ය භාවිත කරන අය මෙන්ම එම ජාවාරම් කරුවන් සඳහාද නව නීති පද්ධතියක් ක්‍රියාත්මක කිරීම මෙන්ම ඒ සඳහා අධිකරණයක් පිහිටුවීම පොල්ස් මත්ද්‍රව්‍ය නිශන අංශයට තවතවත් බලතල ලබා දී මත්ද්‍රව්‍ය උවදුර මැඩලීමට පියවර ගැනීම, මේ තුළින් යෝජනා කර තිබෙනවා. මත්ද්‍රව්‍ය භාවිත කර පුනරුත්ථාපනය වන්නන් සඳහා මධ්‍යස්ථාන 4ක් පිහිටුවීම මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් අලෙවි කරන්න් නීතියේ රැහරනය හසු කර ඔවුන්ට කිසුඳු සමාවකින් තොරව ජීවිතාන්ත සිරදඬුවම් ලබා දීමද ”සජිත් සමාජ විප්ලවය” ප්‍රතිපත්ති ප්‍රකාශනයට ඇතුලත්.එතනෝල් බලපත්‍ර යළි ලබා දීමේ දී ස්වාධීන කොමිසමක් තුළින් ලබා දීම, මත්පැන් අලෙවිසල්බලපත්‍ර අලුතෙන් නිකුත් නොකිරීමද මෙහි ඇතුළත්.

දූෂණයට එරෙහිව යුද්ධයේ දී කිසිඳු දූෂිතයකු කැබිනට් මණ්ඩලයට ඇතුළත් කර නොගැනීම, රටේ නීතිය ඉක්මවීමට කිසිවකුටත් ඉඩ නොතැබීම, අල්ලස් චෝදනා සම්බන්ධණ අල්ලස් ගන්නා මෙන්ම ලබා දෙන අයටද එකසේ නීති පැනවීම, රාජ්‍ය ප්‍රසම්පාදන කාර්යයන් විනිවිද භාවයෙන් යුතුව සුපිරිසිදුව සහ කාර්යක්ෂඹ අයුරින් සිදු කිරීමට ජාතික ප්‍රසම්පාදන කොමිසමෙහි මාර්ගෝපදේශ කඩිනම් හා මැනවින් හා මැනවින් ක්‍රියාත්මක කළ හැකි පරිපාලන ක්‍රමවේදයක් හඳුන්වා දීමද සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට ඇතුළත්.

විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් කැබිනට් නොවන ඇමැති අජිත්.පී.පෙරේරා මහතා - සජිත් ප්‍රේමදාස මහතා තම ප්‍රතිපත්ති ප්‍රකාශයේන් සෑම ක්ෂේත්‍රයකටම අවධානය යොමු කර තිබෙනවා.ඔහු සුහුරු ජනාධිපතිවරයෙක් ලෙස අඛණ්ඩ අධික්ෂණයක් සෑම අමාත්‍යංශයකටම යොමු කරන්නට සැලසුම් කර තිබෙනවා.අද රටේ ආර්‍ය ආයතනවල තත්ත්වය ඉතා කණගාටුදායකයි.ජාතික ඩිජිටල් ප්‍රතිපත්තියක් සැකසීම සඳහා කටයුතු යොදා ඇති අතර සෑම රාජ්‍ය ආයතනයකම සියලු කාර්යයන් පහසුවෙන් සිදු කර ගත හැකි පරිදි සැම පුරවැසියකුටම ඩිජිටල් හැඳුනුම්පතක් නිකුත් කිරීමට යෝජනා වී තිබෙනවා.මේ තුළින් රටේ පුරවැසියන්ට රජය ලබා දෙන සුබ සාධණ සේවාවන් ලබා ගැනීමට පෝලිම්වල සිටි යුගය අවසන් වනවා.සෑම දිසුත්‍රික්කයකම තාක්ෂණ උද්‍යාන පිහිටුවීම, ද මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඇතුලත්. අපේ රටේ අද නඩු ඇසීම ඉතාමත් පුමාදයි. ඇතැම් නඩු වසර 20-25- දක්වා ඇසෙනවා. මෙය මහජනතාවට ඉතා කරදරකාරී. මේ සඳහා ඉතාමත් සුදුසුම පියවරක් ලස අපේ අධිකරණ පද්ධතිව ඩිජිටල්කරණය කිරීමද සිදු වනවා.මෙය වසර 5ක්තුළ සිදුකිරීමට සජිත් ප්‍රේමදාස මහතා ජනතාවට ප්‍රතිඥා ‍ දී තිබෙනවා.මේ සියලු මහජන සේවාවන් සිදු කිරීමට නිසි සැලසුම් සජිත් ප්‍රේමදාස මහතා සතුයි. ඔහු ඉදිරිය දකින තරුණ නායකයෙක්.ඔහු විසින් ඉදිරිපත් කළ”සජිත් සමාජ විප්ලවය”සෑම ජන කොටසකටම එකසේ යුතුකම් ඉටු කරනවා. සුබසාධණය සලසනවා.රැකවරණය ලබා දෙනවා.සජිත් ප්‍රේමදාස මහතා මේ විප්ලවය ජයගෙන සුහුරු ජනාධීපතිවරයකු ලෙස ර‍ටත්, ජනතාවත් ඉදිරියටම ලෙන යන බව විශ්වාසයි. ඒ බව ජනතාවද තහවුරු කරනවා‘යැයිද ඇමැතිවරයා කීය.

ඡායාරූපය -සමන්ශ්‍රී වෙදගේ

නව අදහස දක්වන්න