මහත්මා ගාන්ධි 150 වෙනි ජන්ම දින සැමරුමෙන්... | දිනමිණ


 

මහත්මා ගාන්ධි 150 වෙනි ජන්ම දින සැමරුමෙන්...

අවිහිංසාවාදයේ පියා ලෙස සැලකෙන මහත්මා ගාන්ධිතුමන්ගේ 150 වෙනි ජන්ම දින සැමරුම් වැඩසටහනක් පසුගියදා ගාල්ල මහින්ද විද්‍යාලයේ දී පැවැත්විණි. ඉන්දිය කොන්සල් ජනරාල් ප්‍රේම් කුමාර් නායර් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මේ සමරු උත්සවය සදහා ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන හා අභ්‍යයන්තර කටයුතු ඇමැති වජිර අබේවර්ධන, දකුණු පළාත් ආණ්ඩුකාර හේමාල් ගුණසේකර, මහින්ද විද්‍යාලයේ විදුහල්පති ගාමිණි ජයවර්ධන යන මහත්වරුවන්ද එක්ව සිටියහ. මෙකි සමරු උත්සවයට සමගාමීව ගාන්ධිතුමන්ගේ ඡායාරුප ප්‍රදර්ශනයක් පැවති අතර ගාන්ධිතුමන්ගේ පිළිරුවක්ද විවෘත කරණු ලැබිය. මහත්මා ගාන්ධිතුමන්ගේ 150 වැනි ජන්ම දින සැමරුම් දිනයට සමගාමිව පැවති රචනා තරගයේ ජයග්‍රහණය කළ පාසල් දරු දැරියන්ට ත්‍යාග හා සහතිකපත් පිරිනැමිමද ආරාධිත අමුත්තන් විසින් සිදු කරණු ලැබිය.

ලංකින්ද නානායක්කාර ඉමදුව සමුහ

නව අදහස දක්වන්න