කුණ්ඩසාලේට ඩෙංගු බෝ කළ 18කට දඩ පිට දඩ | දිනමිණ


 

කුණ්ඩසාලේට ඩෙංගු බෝ කළ 18කට දඩ පිට දඩ

කුණ්ඩසාලේ සොඛ්‍ය සේවා අධ්‍යක්ෂ බල ප්‍රදේශයේ බලගොල්ල හා කෙන්ගල්ල ඉහලවෙල ප්‍රදේශවල නිවාස හා ගෙවතු පරික්ෂා කිරිමේදි අපිරිසුදු අන්දමින් එම ගෙවතු හා නිවාස ආශ්‍රිතව ඩෙංගු මදුරුවන් හා මදුරුකිට සහිත නිවාස පරිශ්‍ර පවත්වා ගෙන ගිය පුද්ගලයන් දහඅට දෙනකුට තෙල්දෙණිය වැඩ බලන මහේස්ත්‍රාත් නිතිඥ ශිරෝමී ප්‍රබෝධිකා නියාගම මහත්මිය එක් අයෙකුට රුපියල් අට දහස බැගින් එම පුද්ගලයන් දහඅට දෙනාට රුපියල් රුපියල් 1.44000/ ක දඩයක් නියම කළාය . කුණ්ඩසාලේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ චින්තක කැකුලන්දර මහතාගේ මෙහෙයවීමෙන් කෙල්ගල්ල මහජන සොඛය පරික්ෂක අනුරාද රාජපක්ෂ මහතා හා පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක සි.එච්. දසනායක මහතා ඇතුළු මහජන සොඛ්‍ය පරික්ෂක නිලධාරින්ගේ අධික්ෂණය යටතේ මේ නිවාස හා ගෙවතු පරික්ෂාවට ලක් කර ඇත. මේ දිනවල මේ ප්‍රදේශවල ඩෙංගු මදුරුවන් බෝවෙන ස්ථාන පරික්ෂා කිරිම ,දුමාරය ගැසිම, ගෙවතු පිරිසුදු කිරිම, මහජනතාව දැනුවත් කිරිම හා අත්පත්‍රිකා බෙදිම යන කටයුතු කෙරෙන අතර අඛණ්ඩව ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන වැටලිම් සිදු කෙරෙන බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා වැඩිදුරටත් පවසයි. පසුගිය සති කිහිපය තුළදි මේ ප්‍ර දේශ අවටින් ඩෙංගු රෝගින් රුසක් හදුනා ගෙන ඇත.

කරල්ලියද්ද සමුහ

නව අදහස දක්වන්න