ව්‍යාජ ලෙස මුදල් නෝට්ටු මුද්‍රණය කළ ස්ථානයක් වටලා පුද්ගලයන් පස් දෙනෙක් පසුගියදා අත් අඩංගුවට ගත් බව බොරලැස්ගමුව පොලිසිය පවසයි . පුද්ගලයෙකු විසින් රුපියල් පන්දාහේ මුදල් නෝට්ටුවක් බොරලැස්ගමුව ප්‍රදේශයේ මත්පැන් අලෙවිසලකට ලබා දී මත්පැන් ලබා ගැනීමට කටයුතු කිරීමේදි ඒ ගැන සැක සිතූ අලෙවිකරු පොලීසියට දැනුම් දිමෙන් පසුව ඔහු අත්අඩංගවට ගෙන ප්‍රශ්ණ කිරීමේදී මේ සිද්ධිය අනාවරණය වී තිබේ . බොරලැස්ගමුව නිවෙසක කාමරයක සති පහක පමණ කාලයක සිට නවාතැන් ගනිමින් මේ පුද්ගලයන් මේ ජාවාරම සිදු කර තිබේ . ඔවුන් පෙර දින ගාල්ල ප්‍රදේශයේ පුද්ගලයෙකුට රුපියල් ලක්ෂ තුනක පන්දාහේ ව්‍යාජ නෝට්ටු මිටියක් ලබා දී ඔහුගෙන් රුපියල් ලක්ෂ එකහමාරක මුදලක් ලබා ගත් බවද අනාවරණය වී තිබේ . ඔවුන් අවශ්‍ය දැ මිලදී ගැනීම සදහා වියදම් කර ඇත්තේ මේ මුදල් බව පොලීසිය පවසයි . ව්‍යාජ ලෙස මුද්‍රණය කර තිබූ පන්දාහේ නේට්ටු 10ක් , ලැප්ටොප් පරිගණක දෙකක් , ප්‍රින්ටරයක් , භාවිතා කළ කඩදාසි ඇතුළු උපකරණද පොලීසිය භාරයට ගෙන තිබේ. සැකකරුවන් බොරලැස්ගමුව , ගම්පහ , දෙහිවල , බුත්තල යන ප්‍රදේශවල පදංචිකරුවන් වේ . බොරලැස්ගමුව වැඩ බලන ස්ථානාධිපති පො.ප මුදිත දල්පදාදු මහතාගේ මෙහෙයවීමෙන් මෙම වැටලීම සිදු කර තිබේ .
නව අදහස දක්වන්න