අඹන නවනගරයේ රාජ්‍ය ආයතන 8ක් ජනපති අතින් ජනතා අයිතියට | දිනමිණ

අඹන නවනගරයේ රාජ්‍ය ආයතන 8ක් ජනපති අතින් ජනතා අයිතියට

රුපියල් කෝටි විසිහය දහසක මුදලක් වැය කරමින් ඉදි කෙරන මොරගහකන්ද - කළුගඟ වාරි ව්‍යාපෘතියේ කළු ගඟ ජලාශයේ ජල සැපයුම පරික්ෂාව හා අඹන නවනගරයේ ඉදිකළ රාජ්‍ය ආයතන අටක් ජනතා අයිතියට පැවරීම හෙට (07) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතින් සිදුකිරිමට නියමිත බව ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය කියයි.

කළුගග ජලාශයේ පහල නිම්නයේ පදිංචි කර ඇති පවුල් තුන්දහසකට දියවර සැපයීම අරමුණු කර ගනිමින් ඉදිකරන ලද කළුගග ජලාශයේ අතිරික්ත ජලය මොරගහකන්ද ජලාශයට රැගෙන ඒමට නියමිතය.

ගොවි ජනතාවට අවශ්‍ය ජලය නිතුක් කිරිම සදහා කුඩා වැවි දාසයක් සහ ඇල මාර් ග ද සකසා අවසන් බව ව්‍යාපෘතියේ මහජන සම්බන්ධතා නිලධාරි පී.ජි.දයානන්ද මහතා කියා සිටියේය.

කළුගග ජලාශය අක්කර අඩි දෙලක්ෂයකට වඩා වැඩි ජල ධාරිතාවක් රැදවියහැකි බවත් එය පරාක්‍රම සමුද්‍රය මෙන් දෙගුණයක් විශාල බවත් දයානන්ද මහතා කියා සිටියේය.

මීට අමතරව මොරගහකන්ද ජලාශය හේතුවෙන් බලපෑමට ලක්වු කෝන්ගහවෙල නගරයේ පැවති රාජ්‍ය ආයතන යාබදව පිහිටා ඇති අඹන නගරයේ ස්ථාපිත කර තිබේ.

බීට්ටු වන ජීවි කාර් යාලය,ප්‍රාදේශිය රෝහල,ගොවි ජන සේවා මධ්‍යස්ථානය,පොලිස් මුර පොල,නිල සෙවන සේවා පියස,සති පොළ,සමෘද්ධි බැංකුව ඇතුළු රාජ්‍ය ආයතන අටක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතින් ජනතාවට පැවරෙන බව ද දයානන්ද මහතා කියා සිටියේය.

මම ආයතන ඉදිකිරිම සදහා පමණක් මිලියන දහසකට ආසන්න මුදලක් වැය වී ඇති බව ද හෙතෙම කියා සිටියේය.

ශ්‍රී ලංකා රාජ්‍ය නාමාවලියේ වසභ රජු දවස (ක්‍රි.පු.67-111) අඹන් ගග හරස් කර ඇලහැර අමුණ ඉදිකර මින්නේරිය යෝද ඇල ක්‍රියාත්මක කරවා ගිරිතලේ,මින්නේරිය,කවුඩුල්ල,කන්තලේ සිට ත්‍රිකුණාමලය දක්වා ජලය ගෙනයෑම සිදුවිය.

ඉනික්බිති මහසෙන් රජු හා 11 වන අග්බෝ රජුගේද දායකත්ව යටතේ අතීත වාරි කර් මාන්තය මේ දක්වා ක්‍රියාත්මක වෙමින් පවතියි.

එමෙන්ම අඹන් ගග ඇලහැරින්ද හරස් නොවී තවත් ජල ප්‍රමාණයක් පහලට ගලා බසින විට අංගන්මැඩිල්ල ප්‍රදේශයේ දී හරස් කර පරාක්‍රම සමුද්‍රය වෙත ජලය ගෙන යැම ද පරාක්‍රමබාහු රජ දවස සිදුවිය.

මොරගහකන්ද - කළුගග ව්‍යාපෘතින් හී ප්‍රධාන අරමුණු වි ඇත්තේ පවුල් එක්ලක්ෂ තිස් දහසකට පමණ තිරසර ආර් ථිකයක් නිර් මාණය කිරිම, මෙගා වොටි 25 ක විදුලි බල නිෂ්පාදනය, වාර්ෂීකව මෙට්‍රික්ටොන් 4700 ක් ඉක්ම වූ මිරිදිය මත්ස්‍ය නිෂ්පාදනයක් ජාතික ආර් ථිකයට එක් කිරීම, පරිසර සංරක්ෂණය සමග සංචාරක කර් මාන්තයට යෝග්‍ය පසුබිමක් නිර් මානය කිරිම, මොරගහකන්ද හා කළු ගග ප්‍රදේශ වලට ලැබෙන ඝණ මීටර් මිලියන 818 ක වර් ෂාපතන ධාරිතාව මුහුදට ගලා යෑම වලකා ජලාශදෙකේ රදවා ගැනීම හේතුවෙන් මනම්පිටිය හා සෝමාවතිය ප්‍රදේශවලට වාර් ෂිකව ඇති වන ගංවතුර අවම කිරිමයි.

නාඋල සමූහ

නව අදහස දක්වන්න